IMG-LOGO

‘අස්වැන්න නෙලීමේ උත්සවය’ අදයි

(යොහාන් භාසුර)

හින්දු බැතිමතුන්ගේ ප්‍රධානතම ආගමික උත්සවයක් වන තෛපොංගල් උත්සවය අද (15) දිනට යෙදී තිබේ. ලොව පුරා හින්දු බැතිමත්හූ තෛපොංගල් උත්සවය අද මහ ඉහළින් සමරති.

තෛපොංගල් උත්සවය ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවල සමරන ‘මකර සන්ක්‍රාන්ති‘ සමඟ බැදී ඇති අතර ‘පොංගල්’ යන දමිළ වචනයේ අර්ථය ‘උතුරා යාම නොහොත් පිටාර ගැලීමය’ යන්නයි. එම අර්ථයත් සමඟ යමින් මැටි කළයක කිරි උතුරා යෑමට සැලැස්වීම අනාගත සෞභාග්‍යයේ සුබ දසුනක් ලෙස හින්දු බැතිමත්හූ විශ්වාස කරති.

‘තෛපොංගල්’ යන වචනය ‘අස්වැන්න නෙලීමේ උත්සවය’ යන අර්ථය ද ගෙන දෙන අතර ඒ හේතුවෙන්ම මෙම උත්සවය සමස්ත ඉන්දියානුවන් සමරණ උත්සවයක් බවට පත්ව තිබේ. මකර සන්ක්‍රාන්තිය ජනවාරි 14 වැනිදා සිදුවන වන අතර කුම්භ සහ අර්ධ කුම්භ මේලා මෙදින අවසන් වන බවත් තෛපොංගල් උත්සවය තවත් අලුත් වසරක් සඳහා සූර්ය භ්‍රමනය ආරම්භ වන බවටත් විශ්වාසයක් පවතී.

ඒ අනුව ‘තෛපොංගල්’ උත්සවය නෙුවෙන් ආන්දර් ප්‍රදේශය, අස්සාම්, බෙන්ගාලය, බිහාර්, ගුජරාට්, හිමාචල් ප්‍රදේශය, කර්නටකා, කෙරලා, ඔරිසා, මහරාෂ්ත්රම, නෙපාලය, පුන්ජාබය, රාජස්තානය, තමිල්නඩු සහ උත්තර් ප්‍රදේශයන්ට පාරම්පරික නිවඩු දිනයක් ද වේ. ‘භෝඝි’ ලෙස හදුන්වන ‘තෛපොංගල්’ උත්සවයේ පළමු දිනයේ හින්දු භක්තිකයන් පැරණි වස්ත්‍ර සහ රෙදිපිළි පු`ඵස්සා ගෙවී ගිය වසර අවසන් කර නව වසර පිළිගන්නා අතර ‘තෛපොංගල්’ දින පෙරවරුවේ උක් ගස්වලින් වට කළ මණ්ඩපයක අලුත් සහල්වලින් කිරිබත් පිස සූර්ය දෙවියන්ට පූජා කිරීම සාමාන්‍ය සිරිතයි.

‘පොංගල්’ ලෙස හදුන්වන දෙවැනි දින අලුත් මුට්ටියක බත්, හකුරු සහ නැවුම් එළකිරි උතුරා පිසගෙන එම ආහාර සහ පළතුරු රසකැවිළි ආදියෙන් හිරු දෙවියන් පිදීම ද මෙම උත්සවයේ ප්‍රධාන අංගයකි.

 



අදහස් (0)

‘අස්වැන්න නෙලීමේ උත්සවය’ අදයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 440 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 616 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 252 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site