
අවි බිම දමා යටත් වන්නැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගෙන් ඉල්ලා ඇත.
“නුඹලාගේ අවසානයේ ආරම්භය දැන් උදා වී අවසන්. නුඹලට දිනන්න ලැබෙන්නේ නැහැ. නුඹල ට මැරෙන්න වෙනවා. පණ බේරාගෙන යටත් වෙන්න. අවි බිම දාන්න” යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු හමාස් සටන්කාමීන් අමතමින් පැහැදිලි කළේය.
හමාස් සංවිධානය ගාසා තීරයේ බලයේ සිටින්නේ 2017 වසරේ සිටය. හමාස් සංවිධානය, දේශපාලන අංශයකින් සහ සන්නද්ධ අංශයකින් සමන්විතය. ඊශ්‍රායලය සමඟ සටන් වදින්නේ, හමාස් සන්නද්ධ අංශ සාමාජිකයන්ය.
පසුගිය ඔක්තෝබර් 7 වැනිදා, හමාස් සටන්කාමීන් ඉතා සැලැසුම්සහගතව, දේශසීමා හරහා ඊශ්‍රායලයට ප්‍රහාර මාලාවක් එල්ල කළේය. හමාස් සටන්කාමීන් ‘මුලිනුපුටා’ දැමීමේ අරමුණින්, ඊශ්‍රායලය, ගාසා තීරයට පහරදීම ආරම්භ කළේ ඉන්පසුවය.
ප්‍රහාර ආරම්භ වී, මාස දෙකකට වැඩි කාලයක් ගත වී ඇති අතර, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහුට අනුව, හමාස් සටන්කාමීන් දැඩි පසුබැසීමකට ලක්වී සිටින බව පැවැසෙයි.
දිනපතා හමාස් සටන්කාමීන් පරාජය බාරගෙන, ඊශ්‍රායල හමුදාවට යටත් වෙනවා යැයි ද ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ.
2025 නොවැම්බර් මස 04
92
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2026
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1564
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අවි බිම දමා යටත් වෙන්න - නෙදන්යාහු
විචාරක Monday, 11 December 2023 01:25 PM
ඉස්ලාමීය ත්‍රස්තවාදය කොයිතරම් සන්නද්ධද, බලවත්ද කියලා පේනවා. තවත් කිරි පෙව්වොත් කොහොමට හිටීද? දැං තැන්තැන්වල ඉඳන් ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන අය මේ රටේ අහිංසක ජනතාවට එල්ටීටීඊ කොටියෝ ගහන කොට ඇඳන් යට හිටපු අහවල් වර්ගයේ එවුන්. යහපත් අරමුණක් නැති ආගමික අන්තවාදය පතුරුවන මේ සියලු ත්‍රස්ත මුස්ලිමුන් විනාශ කළ යුතුමයි. ඊශ්‍රායලය තරයේ සිටීම හොඳයි...
sumanasiriMonday, 11 December 2023 05:20 PM
පලස්තීනය ඊශ්‍රයලයෙන් බේරාගැනීමට දේශපාලන සටනක නියැලුණු යසර් අර්පත්ව සහ ඔහුගේ සංවිධානය විනාශ කිරීමට ඊශ්‍රයාලය විසින්ම නිෂ්පාදනය කරපු කණ්ඩායම තමා හමාස් කියන්නේ, ලංකාවේ කොටි හැදුවේ රජීව්ගාන්ධි අන්තිමට කොටි ඔහුව ඝාතනය කළා... ඊශ්‍රයාලය ලංකාවේ හමුදාවට ඩෝරා පුහුණු කරමින් එක වරායක අනිත් වරායේ කොටින්ට ඩෝරා විනාශ කරන තාක්ෂණය ඉගැන්නුවා. කෆීර් අපිට විකුණලා ඒවාට ගහන්න අවි රහසේ කොටින්ට විකුණුවා... ඒ ඔවුන්ගේ ඩබල් ගේම්...!