තරගය පුරාම පසුපසින් සිටි නමුත් අවසන් විනාඩි කිහිපයේදී තීරණාත්මක ගෝලය ලබා ගනිමින් ඩයලොග් ශූරතා ලීග් පාපන්දු තරගාවලියේ රත්නම් සහ පොලිස් කණ්ඩායම අතර සිටි පාපන්දු සංකීර්ණ කී‍්‍රඩාංගනයේදී පැවැති තරගයේ ජයග‍්‍රහණය උදුරා ගැනීමට රත්නම් පිල සමත් වූයේය.
මෙවර තරගාවලියේ ප‍්‍රථම ජයග‍්‍රහණය හිමි කර ගැනීමට සියලූ වෙර වෑයම් දැරූ පොලිස් කී‍්‍රඩකයන් අතින් ගෝලයක් ලබා ගැනීමට තිබූ අවස්ථා හතක් ම ගිලිහී ගියේය. ඒ වෙනුවෙන් නදීක පුෂ්පකුමාර, රජිත ජයවිලාල් සහ මොහොමඞ් රාෆි යන කී‍්‍රඩකයන් තම උපරිම දායකත්වය ලබා දුන්න ද ඒ සියලූ උත්සාහයන් අපතේ ගියේය.
දෙවන අර්ධයේ 68 වැනි මිනිත්තුවේදී ද යළිත් වරක් අංක 10 දරන ඩිලාන් ප‍්‍රනාන්දුට ගෝලයක් වාර්තා කිරීමේ අවස්ථාවක් යළිත් ලැබුණු නමුත් එය ද ඔහු අතින් ගිලිහී ගියේය. එහෙත් අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගත් මොහොමඞ් නිලූෆර් 73 වැනි මිනිත්තුවේදී ජයග‍්‍රාහී ගෝලය වාර්තා කළේ තරගය නිම වන තුරු ගෝලයක් වාර්තා කිරිමට පොලිස් කණ්ඩායමට ඉඩ නොතබමිනි.
බ්ලූස්ටාර් පිලට වාර්තා ගත ජයක්
ෆර්සීන්ගේ ගෝල තී‍්‍රත්වයෙන් කළුතර වර්නාන් ප‍්‍රනාන්දු කී‍්‍රඩාංගනයේදී පැවැති බ්ලූස්ටාර් පිල සහ නන්දිමිත‍්‍ර කණ්ඩායම අතර තරගයේදී 7 - 0 ක අති විශිෂ්ට ජයග‍්‍රහණයක් හිමිකර ගැනීමට බ්ලූස්ටාර් පිල සමත් වූයේය. කළුතර වර්නන් ප‍්‍රනාන්දු කී‍්‍රඩාංගනයේදී පැවැත්වුණි.
තරගයේ පළමු ගෝලය ඒ. ඩබ්ලිව්. එම්. ෆර්සීන්ගේ ලබාගත් අතර පළමු අර්ධය නිමා වූයේ ගෝල 5 - 0 ලෙස තරගයේ වාසිය බ්ලූස්ටාර් පිලට හිමිකර දෙමිනි.
දෙවන අර්ධයේදී ද යළිත් කි‍්‍රයාත්මකවූ ෆර්සින් තවත් ගෝලයක් වාර්තා කරමින් ගෝල ති‍්‍රත්වයක් වාර්තා කළ අතර තරගයේ හත්වැනි ගෝලය ලබාගත්තේ කළේ එම්. ෆහිර්ය.
ශ්‍රී ලංකා යුද හමුදා පිලට විශිෂ්ට ජයක්
දැඩි සටනකින් පසු තරගය 2 - 1ක් ලෙසින් විශිෂ්ට ජයග‍්‍රහණයක් කරා යාමට ශී‍්‍ර ලංකා යුද හමුදා පිල සමත් වූයේය. ඒ නාවික හමුදා පිලට එරෙහිවය.
සියලූ ගෝල තරගයේ පළමු අර්ධයේදී වාර්තා වූ අතර දෙවන අර්ධයේදී කී‍්‍රඩකයන් ගෝල ලබා ගැනීමට වෙර දැරූ නමුත් ඒ සියලූ අවස්ථා ඔවුන්ට මග හැරිණ.
රියාස් මොහොමඞ් සහ සුදර්ශන ගුණසිංහ ජයග‍්‍රාහකයන් වෙනුවෙන් ගෝල ලබා ගත් අතර නාවික හමුදාව වෙනුවෙන් ලද එකම ගෝලය වාර්තා කළේ ඊ.ඒ.සී.සංජීව විසිනි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
අවසන් මොහොතේදී රත්නම් පිලට ජය