ව්‍යාජ බලපත්‍ර සාදාගෙන සිටින අලි හිමියන්ට වනජීවී දෙපාර්තුමේන්තුව භාරයට ගත් අලි නැවත භාර නොදෙන ලෙස ඉල්ලා සංචාරක හා ක්‍රිඩා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාට ලිපියකින් දැන්වු බව සමස්ථ ලංකා හීලෑ අලි සංසදයේ සභාපති හා හීලෑ අලි සංගමයේ සමස්ථ ලංකා සංවිධායක රාජා සේනානායක මහතා පවසයි.
වනජීවී භාරයට ගන්නා අලින් රඳවා තබන්නට පින්නවලටවත් වනජීවී දෙපාර්තුමේන්තුවටවත් ඉඩ පහසුකම් නොමැති බව කියමින් අසත්‍ය ප්‍රකාශ පතුරවන බවත් රාජා සේනානායක මහතා සඳහන් කරයි.
අධිකරණ නියෝගයන් මත පින්නවල අලි අනාථාගාරයට භාර දුන් අලි භාරදෙන අවස්ථාවට වඩා හොඳ යහපත් සෞඛ්‍ය තත්වයෙන් සිටින බවත් අලි පැටවුන් බාරගෙන නඩතුත් කිරීමේ හැකියාව තමන් සතුව ඇති බවත් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනුරුද්ධ සිල්වා මහතා කීවේය.
අලින් රැක බලා ගැනිමට අවශ්‍ය සේවකයින් හා වෛද්‍යවරු වනජීවී දෙපාර්තමේන්තුව සතුව ඇති බවත් අලි පැටවුන් රඳවා ගැනිමේ අවහිරතාවයක් නොමැති බවත් වනජීවි දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්.ජී.රත්නායක මහතා පැවසිය.
2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
586
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘අලි හොරුන්ට බලපත් දෙන්න එපා‘
තමාරා Friday, 22 May 2015 11:30 AM
අනේ පවු මේ අසරණ සත්තු. මුන්ව අායෙත් අලි හොරුන්ට දෙන්න එපා. (ස)