IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අලි මිනිස් ගැටුමට විසඳුම් ඉල්ලති

තබ්බෝව කරුවලගස්වැව ගැමියනට වල් අලින්ගෙන් එල්ල වන තර්ජන විසදා දෙන ලෙස ඉල්ලමින්  ගැමියෝ අද (24)  කරුවලගස්වැව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට පෙළපාළියකින් ආහ.

පුත්තලම තබ්බෝව පලදාගම දක්වා අලි වැට කඩිනම්නි ඉදි කර දෙන්නැයි ද  ඔවුහු  ඉල්ලති.

ගිය සතියේද මිනිසුන් දෙදෙනකු අලියකුගෙ පහර දීමකට ලක් වු බවත් එක් අයකු මිය ගිය බවත් ඔවුහු පවසති.

 

වීඩියෝ එච් චන්දන

2014-09-24--___________-___-_______-________-(4)-_____-______-_______ rovan1

 

 



අදහස් (0)

අලි මිනිස් ගැටුමට විසඳුම් ඉල්ලති

ධම්මික Wednesday, 24 September 2014 06:49 AM

මිනිස්සුන්ට සහනයක් ලබා දෙන්න (දී)

:       0       0

සුනිල් වෙරෝනා Wednesday, 24 September 2014 06:49 AM

සතුන් අයින් කරලා තියෙන වනාන්තර කපල මිනිස්සු පදින්ච්චි කරලා ඒවා මැදින් පාරවල් දාලා දේශපාලකයින් තමා ඕවට වග කියන්න ඕන.. (දී)

:       0       0

පියුම් Wednesday, 24 September 2014 07:57 AM

මිනිස්සුන්ට තේරෙන්නේ නැද්ද. ඒ නිසා තමා දේශපාලුවෝ ධල ඇති ඇත්තු මරා පැටවා ගෙනියන්නේ.(නදී)

:       0       0

චන්ද්‍රා Wednesday, 24 September 2014 02:09 PM

දැන් ඉතින් බලං හිටිය ඇති, අලි වැට ඇමති කෙනෙක් පත් කරන්නම ඕනා. නැතිනම් මෙම අසරණයන්ට හැමදාම පාරේ ඉන්න වෙනවා (නදී)

:       0       0

මිලින්ද Wednesday, 24 September 2014 10:16 AM

ලංකාවේ අලි වැඩියි කියලා මට මතකයි කෙනෙක් කියුව රට පටවන්න කියලා (දී)

:       0       0

සුසන්ත Wednesday, 24 September 2014 04:50 AM

මිනිස්සු විතරක් ජිවත් වෙලා හරියන්නේ නැහැ අලිත් ඉන්න ඕනේ (දී)

:       0       0

මැටිපහන Wednesday, 24 September 2014 10:13 AM

මේක විසදන්න තියෙන එකම ක්‍රමය තමයි ලංකාවේ තියෙන වනාන්තර සියල්ල සම්බන්ද වෙන ආකාරයට සැලැස්මක් සැදීමයි. එම සැලැස්මේ පැරණි අලි මන්කඩවල් ආවරණය විය යුතුයි. පැරණි අලි මංකඩ තියෙන ප්‍රදේශ වලින් ජනතාව වෙන තැන් වලට මාරු කරන්න ඕන. මම හරිද දන්නේ නැහැ. (දී)

:       0       0

ආනන්ද Wednesday, 24 September 2014 05:11 AM

සොබාදහමේ හැටියනම් පෙළපාලි යන්න ඕන ජීවත් වෙන්න ගහකොළ වනය අහිමි වෙන අලියෝ. සත්තුන්ට තියෙන මොලේවත් මිනිසුන්ට තියෙනවනම්. (දී)

:       0       0

ජයරත්න-කරුවලගස්වැව Wednesday, 24 September 2014 05:19 AM

කරුවලගස්වැව අලි-මිනිස් ගැටුමට විසදුම් ඉල්ලන්නෙ අදක ඊයෙක ඉඳල නෙවෙයි. ලැබෙන්නෙ පැලැස්තර විසඳුම්. කරුවලගස්වැව සමහර ගම්මාන තියෙනවා අලි කරදර නිසාම ජන ශුන්‍ය වෙලා. සමහර ගම්මානවල ජනයා අලින්ගෙ හිරකාරයො බවට පත්වෙලා. ළමයෙකුට පාසලට යන්න බෑ.ගමේ අයට හදිසියකට කඩපොළකට, රෝහලකට, .හේනට කුඹුරට,මගුලකට,මරණෙකට, කුලියකට තියා අඩු තරමේ නිවී සැනසිල්ලලෙ ගමේ පංසලක පිංකමකටවත් යන්න නෑ. ගියොත් ආපහු ගෙදර එනකම් විශ්වාසයක් නෑ. සමහර ගම්මානවල අලින්ගෙ පහරදීම්වලට ලක්වූ නිවසක් නැති තරම්. වසර ගණනාවක සිට පවතින මේ ගැටුම හේතුවෙන් මිනිස් ජීවීත කීයක් නම් අහිමි වුණාද. මේ නිසාම මේ වෙනකොට දරු පවුල් ගණනාවක් අසරණ වෙලා. තබ්බෝව අභයභූමියෙන් කොටසක් අයිතිවෙන්නෙ කරුවලගස්වැව කොට්ඨාසයට. පිටපළාත්වල ඉන්න දරුණු අලි පළවා හරින්නෙත් මේ අභයභූමිටයි. එසේ පළවා හරින අලින්ට කෑම හිගයි. එ් නිසා එම අලින් විදුලියවැටවල් පවා කඩාගෙන ගම් වදින බව තමයි ජනතාව කියනන්නෙ. මෙහිදි මතක් කළ යුතු තවත් කාරණයක් නම් ගම්වදින අලින්ද නිරන්තරව අනතුරුවලට ලක්වෙනවා.එහෙම වෙන්නනෙ ජනයාගේ ඉවසීමේ සීමාව ඉක්ම ගිය අවස්ථාවලදී මිසක් ජනතාව අලිත් එක්ක වෛරයකට නෙවෙයි.මේ ප්‍රදේශවල ජනයාගේ දුප්පත්කමට එක හේතුවක් තමයි වල් අලි කරදරය.එය කොතෙක්ද කියනව නම් ඇතැම් අවස්ථාවල දැඩි ආර්ථික අපහසුතා මැද උයා ගත්තු බත් හැලිය පවා කන්නෙ ඒ ගෙදර නිවැසියන් නොවෙයි අලියි. මේ තත්වය බලධාරීන් තේරුම් නොගන්නාතාක් කරුවලගස්වැව අලි-මිනිස් ගැටුම තවදුරටත් පවතීවී. (ස)

:       0       0

අනුර Wednesday, 24 September 2014 05:21 AM

අලින්ට තියන මොළයවත් ඔබලාට නොමැතිවිම කණගාටුවට කාරණයකි. ඇමතිට කියල බලන්න. අායෙත් ආවත් ඔය කතිරේ ගහපු අයටම කතිරය ගහන්න. එවිට වැටක් ගහලා දේවි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 721 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site