IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


අල්ලස් පනත සංශෝධනයට

(විනීතා එම් ගමගේ / ඡායාරූප - චතුර එස්.කොඩිකාර)

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත සංශෝධනය කෙරෙමින් පවතින බව එහි අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා ප‍්‍රකාශ කළේය.

1994 වසරේ සම්මත වූ  පනත මේ දක්වා කිසිදු සංශෝධනයක් සිදු නොවූ බවත් නව සංශෝධන සඳහා කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කොට ඇති අතර නව සංශෝධන සහිත පනත් කෙටුම්පත සකස් කෙරෙමින් පවතින බවත් ජයමාන්න මහතා කීය.

මේ වනවිට රාජ්‍ය ආයතන පමණක් ආවරණය වන පරිදි පවතින අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිෂන් සභා පනත නව සංශෝධන සම්මත වීමත් සමඟ පෞද්ගලික අංශය හා විදේශිකයන් ද ආවරණය වන පරිදි කටයුතු කළහැකි වනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ විමර්ශන  නිලධාරින් ලෙස දැනට සේවය කරනු ලබන්නේ පොලිස් නිලධාරින් 200 දෙනෙකු පමණක් බවත්, වෙනත් ක්ෂේත‍්‍රවල විශේෂඥතා සහිත විමර්ශකයන් 200 දෙනෙක් හා නිවාරණ නිලධාරින් 50 දෙනෙක් බඳවා ගැනීම සඳහා ද නව සංශෝධන මඟින් අවස්ථාව හිමිවනු ඇති බවත් ජයමාන්න මහතා කීය.

මුදල් විශුද්ධිකරණයට එරෙහිව නව නීති එහි ඇතුලත් වනු ඇතැයි කී අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව, මූල්‍ය අපරාධ කොට්ඨාසය වැනි සමාන්තර පරික්ෂණ කෙරෙන ආයතන සමඟ සම්බන්ධීකරණයකින් යුතුව වැඩ කිරීම සඳහා අවශ්‍ය වගන්ති ද ඊට ඇතුළත් වන බව පැවැසීය.

ජයමාන්න මහතා මේ අදහස් පළ කළේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව වෙබ් අඩවිය විවෘත කිරීම නිමිත්තෙන් කොළඹ කිංග්ස්බරි හෝටලයේ අද(20) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

 



අදහස් (0)

අල්ලස් පනත සංශෝධනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31493 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13819 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11063 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 152 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1067 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 296 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site