IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


‘අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා‘

අනුරාධපුර  කැකිරාව ලබුනොරුව පාසල තවමත් කටුමැටි මඩුවක පැවැත්වේ.

දෙමාපියන් විසින් තනා දෙන ලද මේ මඩුවේ දරුවෝ 139ක් උගනිති.

ගමේ තිබුණු පොහොර ගබඩාවක හා බහු කාර්ය ගොඩනැගිලි දෙකක් අලුත්වැඩියා කර පාසල ආරම්භ කර ඇත. ගොඩනැගිලි ,ජලය ,විදුලිය ,ගුරු හිගය ,පාසල් උපකරණ ,ක්‍රීඩා පිටි ,මේ දරුවන්ට තවමත් සිහින පමණකි ,පළමු වසරේ සිට පන්ති පැවැත්වෙයි .

ලබුනොරුව ගම පණ්ඩුකාභය කුමරු සැඟවී සිට යුද ශිල්ප හදාරා බළ සේනා රැස්කළ ගමයි .මේ ගම  ජයසේන යක්ෂයා ගෙන් පැවතෙන බව කියැවේ ගොවිතැනින් ජිවිත ගැටගසා ගන්න පිරිසක් මෙහි දරුවන්ගේ දෙමාපියෝ වෙති .විදුහල්පති පී .ජේ .පි .කුමාර මහතා තම දරුවන් විදින දුක කියා මඬා වැටෙයි. මේ පාසලේ දරුවෝ ඉගෙනීමට දක්ෂයෝ වෙති .මේ දරුවන් ට සුපිරි පාසල් ඉල්ලන්නේ නැත .නොතෙමි අඩුපාඩුවකින් තොරව ඉගෙන ගැනීමට පරිසරය සකසා දෙන්නයි ඉල්ලති ,මේ පාසලට දරුවන්ට උදව් කිරීමට කැමති අයෙක් හෝ සංවිධානයක් සිටිනම් විදුහල්පති කුමාර මහතාගේ දුරකතනයට 0712515168හෝ ගුරුවරියක වූ සංජිවනි ප්‍රේමරත්න 0711388531කතා කර විස්තර ලබාගත හැකිය .

DSC03819 DSC03822 DSC03830 DSC03848 DSC03878(1) DSC03882



අදහස් (0)

‘අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා‘

පුණ්‍යසිරි Sunday, 07 June 2015 07:32 AM

මෙච්චර මේ අඩු පහසුකම් මැද ගිනි කූටකේ මේ ළමයින්ට ටයි දාන්න කියන්නේ මොකටද? කොළඹ නුවර ගාල්ල වගේ නගර වලවත් මේ ටයි නැහැ. ඈත පළාත් වල මොකද මේ වැඩ කරන්නේ? (නි)

:       0       1

සෙනරත් Sunday, 07 June 2015 07:51 AM

ගිනි අවුවේ ළමයින්ට ටයි ගැටගැස්සුවාට මොකද ගුරුතුමියක් වගේ පෙනෙන කෙනෙක් නම් උණුසුම අඩුකරගන්න හොඳට ඇඳගෙන ඉන්නවා. (නි)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 07 June 2015 07:54 AM

විවිධ මතවාද එක්ක ගැටෙන එසැණ මිතුරනි, මෙන්න අපට හොඳ අවස්ථාවක්. මොකද කියන්නේ? අරමුදලක් හදලා මේ අහිංසක දරුවන්ගේ හෙට දවස යහපත් කරමුද? අනුකම්පාවට අතහිත දීම උතුම්! (නි)

:       0       0

ඉසුරන්දි Sunday, 07 June 2015 08:01 AM

කෝ මේ පළාත් වල දේශපාලකයෝ. ඉන්නවා නම් ඇයි එයාලට බැරි මේවා ගැන හොයාබලන්න? මේ මිනිස්සුත් රටේ සම්පත්. (නි)

:       0       0

මොහ‍ොට්ටාල Sunday, 07 June 2015 08:18 AM

මෙවන් දරුවන් තව කොපමණ නම් ඇද්ද? (නි)

:       0       0

සරත් Sunday, 07 June 2015 08:43 AM

ලංකාදීපයේ කාංචන කුමාර ආරියදාස මාධ්‍යවේදියා දෙන බොහෝ ප්‍රවෘත්ති ඉතා අගය කළහැකිය.වැඩදායකය. ලංකාදීපයට ස්තුතියි ! (නි)

:       0       0

සරසි Sunday, 07 June 2015 08:49 AM

ඔව් ඔව් මේ පළාතේ තමයි අර රණ්ඩු වේවි පාසල් ගොඩනැගිලි විවෘත කරන භවතුන් වැඩ වෙසෙන්නේ . මහත්වරුනි බලන්න ඔබේ ප්‍රදේශයේ පාසල මෙන්න මෙහෙමයි. දැන් ඉතින් මේක මාධ්‍යට හෙළි කල වාර්තාකාර මහතුන්ගේ බෙල්ල මිරිකන්න එපා. (නදී)

:       0       0

පබසර Sunday, 07 June 2015 09:34 AM

ළමයින්ට ටයි දම්මපු එක සහ ගුරුවරියගේ ඇඳුම ගැන අදහස් දක්වපු 'මහත්වරු' ගැන කනගාටුයි! හඳ පෙන්නද්දී ඇඟිල්ල දිහා බලාගෙන කෑ ගහනවා! (නදී)

:       0       0

පාලිත Sunday, 07 June 2015 10:32 AM

පිටබැද්දර ජයා හොඳ අදහස, මමත් එකගයි. දරුවෝ ඉන්න හිත උණුවෙන ඕනෑම කෙනෙකුට සුහද ආරාධනා. මේ මගේ ඊ මේල් l එක "[email protected]"

:       0       0

අ.බ. ශ්‍රී ලාල් Sunday, 07 June 2015 12:46 PM

කතාවට් ගියාම අපේ දේශපාලකයෝ හරියට සුරවිමන් මැව්වා වගේ කෑගහන්න්නේ. බලන්නකෝ මේ දරුවන්ට මුලික පහසුකම්වත් නෑ. අරමුණක් නැති පාලකයෝ බිහිකළ අපිම මේ වගේ හොද පණිවිඩයක් ලංකාදීපයේ දැම්මහම් ළමයින් දාලා ඉන්න ටයි එක ගැන කතාකරන එක පුදුමයකුත් නොවේ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site