IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අලුත් බලාපොරොත්තුවකින් අවුරුද්ද පිළිගනිමු

(අංජුල මහික වීරරත්න)

"පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්" සඳහා එක්ව කටයුතු කරන අතරතුර, අලුත් බලාපොරොත්තුවකින් සහ නැවුම් ඉදිරි දැක්මකින් යුතුව අපි අලුත් අවුරුද්ද පිළිගනිමු යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය නව අවුරුදු සුබ පැතුම් පණිවිඩයෙන් පවසයි. අගමැතිවරිය මෙසේද කියයි.

එකමුතුකමෙන් සහ ත්‍යාගශීලි බවින් යුතුව අලුත් අවුරුද්ද සමරන ශ්‍රී ලාංකික සිංහල සහ දෙමළ ජනතාව වෙත මගේ සුබ පැතුම් පිරිනමමි.

අපගේ ජීවිතයේ සෑම අංශයක්ම අලුත් කිරීම අත්‍යවශ්‍ය වන මොහොතක මෙවර අලුත් අවුරුද්ද උදා වෙයි. අපගේ සංස්කෘතිය හා වටිනාකම් තුළ මුල් බැසගත් - ධනාත්මක වෙනසක් ලඟාකර ගැනීමට සහ අරමුණු පෙරදැරිව, එකමුතුකමෙන් ඉදිරියට යායුතු බව මේ සාම්ප්‍රදායික උත්සවය අපට සිහිපත් කරදෙයි.

මෑත ඉතිහාසයේදී ආර්ථික අර්බුදය, බොහෝ දෙනෙකුට අවුරුදු සැමරීමේ සිතුවිල්ල පවා දුෂ්කර කොට තිබිණි. කෙසේ වෙතත්, දූෂණ, වංචා චක්‍රයකින් මිදීමට ජනතාව ගත් නිර්භීත උත්සාහයෙන්, නව ආරම්භයකට මග පෑදී ඇත.

2025 වසර අලුත් අවුරුදු සැමරුම සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන්නේ එහෙයිනි. එය, උතුර දකුණ නැගෙනහිර සහ බටහිර පුරා සියලුම ප්‍රජාවන් වඩා සුබදායී අනාගතයක් ගොඩනැගීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම යටතේ එක්වූ සහ එක්වෙමින් සිටින වසරකි. එළඹෙන මැයි මාසයේදී ඒ ජනතා පැතුම් යළිත් මල්පල දරනු ඇත.

නව වසරේ නව පරිච්ඡේදය ආරම්භ කරන මොහොතේ, ඔබේම ප්‍රජාවන් තුළ ගෞරවය, සාමය සහ සහකම්පනයෙන් යුතුව කටයුතු කරන ලෙස මම සෑම පුරවසියෙකුගෙන්ම ඉල්ලා සිටිමි. ඉදිරි වසර තුළ සාර්ථකත්වය සහ ප්‍රගතිය අත්කර ගැනීම සඳහා කැපවීම, විශ්වාසය සහ ඔරොත්තු දීමේ හැකියාව ඇතිව කටයුතු කිරීමට අපි අදිටන් කරගනිමු.

මෙම සිංහල දෙමළ අලුත් අවුරුද්ද සමරන සියලුම ශ්‍රී ලාංකිකයින් වෙත, ශ්‍රී ලාංකීය ජාතියට නැවුම් පරිවර්තනයක් සහ සෞභාග්‍යමත් හෙට දවසක් උදෙසා වන ශක්තිය, එකමුතුකම සහ නව ජවය ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි...!

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා...!

 



අදහස් (1)

අලුත් බලාපොරොත්තුවකින් අවුරුද්ද පිළිගනිමු

prasanna Monday, 14 April 2025 03:24 PM

අලුත් බලාපොරොත්තු ඉටුවේවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site