
(අංජුල මහික වීරරත්න)
බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් තනතුර මේ වන විට පුරප්පාඩුව පවතින අතර, දැනට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ අතිරේක කොමසාරිස් ජනරාල් තනතුරෙහි සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරී කසුන් වැල්ල හේවා මහතා ඔහුගේ නිත්‍ය තනතුරේ රාජකාරී වලට අමතරව ඒකී තනතුරේ වැඩ බැලීම සිදු කරනු ලබයි.
දැනට උතුරු මැද පළාත් සභාවේ කෘෂිකර්ම, කෘෂි නිෂ්පාදන අලෙවි, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය, ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් තනතුරෙහි සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරී ආර්. එම්. ගාමිණි සේනාරත්න මහතා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ලෙස පත් කිරීමට සුදුසු බව හඳුනා ගනු ලැබ තිබේ.
ඒ අනුව ඔහු බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම පිණිස බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අලුත් බෞද්ධ කටයුතු කොමසාරිස් පත් කරයි