IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


අලුත් තානාපතිවරු අගමැති හමුවෙති

(අංජුල මහික වීරරත්න)

 ශ්‍රී ලංකාවේ අභිනවයෙන් පත් වූ දූත මණ්ඩල ප්‍රධානීන් සහ අග්‍රාමාත්‍ය  ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද පැවැත්විණි.

ඉන්දුනීසියා තානාපතිනි එස්. එස්. ප්‍රේමවර්ධන , බ්‍රසීල තානාපතිනි සී. ඒ. සී. අයි. කොලොන්නේ, මාලදිවයින මහ කොමසාරිස් එම්. ආර්. හසන්, තුර්කි තානාපති එල්. ආර්. එම්. එන්. පී. ජී. පී. බී. කදුරුගමුව, නේපාල තානාපතිනි රුවන්ති දෙල්පිටිය, කොරියානු  තානාපති එම්. කේ. පත්මනාදන්, සහ ඕමාන සුල්තාන් රාජ්‍ය තානාපති ඩබ්ලිව්. ඒ. කේ. එස්. ද අල්විස් මහත්ම මහත්මීහු මෙම නියෝජිත පිරිසට අයත් වූහ.

ශ්‍රී ලංකාව හා යහපත් සබඳතා වැඩි දියුණු කිරීමට, ජාත්‍යන්තරව ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට සහ ගුණාත්මක ආයෝජන ආකර්ෂණය කර ගැනීමට ප්‍රමුඛත්වය දිය යුතු බව අග්‍රාමාත්‍යවරිය  නව දූත මණ්ඩල ප්‍රධානීන් දිරිමත් කරමින් සඳහන් කළා ය.

 



අදහස් (1)

අලුත් තානාපතිවරු අගමැති හමුවෙති

සරත් Monday, 25 August 2025 10:13 AM

ඔය පෙන්වා ඇති වගකීම්වලට වඩා, වඩාත්ම වැදගත් වෙන්නේ, මනුෂ්‍යයන් විදියට සේවය කිරීම. බොරුවට රගන්නේ නැතිව, ජනතා සේවය කරන්න වගකීම් බාරදෙන්න

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site