
(උපාලි ආනන්ද)
අනුරාධපුර කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර සාපරාදී බලහත්කාරය පා බැන තර්ජනය කළැයි සිද්ධිය සම්බන්ධයෙන් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් නොතීසී නිකුත් කරන්නැයි අනුරාධපුර මූලස්ථාන පොලිසිය කළ ඉල්ලීමක් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා ප්‍රතික්ෂේප කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එරෙහිව පවතින වැරදිවලට අදාළව චෝදනා පත්‍රයක් පෙබරවාරි මස තුන දින අධිකරණයට ගොනු කරන ලෙස අනුරාධපුර පොලිසියට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එලෙස චෝදනා පත්‍රයක් ගොනු කිරීමෙන් අනතුරුව සැකකරුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් නොතීසි නිකුත් කිරීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බව පොලිසියට දන්වා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිකරණයේ චෝදනා ගොනු නොකර සැකකාරුට දිනයක් නියම කරලා අධිකරණයේ පෙනී සිටිනවා කියලා නොතිසි නිකුත් කරන්න බෑ තමා.
මෙයා මේ පෙන්නන්නේ මාලිමා ආණ්ඩුවේ හයිය.