
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
තමා මින් ඉදිරියට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (4) විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
මේ රට විනාශය කරා ගෙන යෑමට කුමන්ත්‍රණ කරමින් සිටින සහ ජනතාවගේ මොළ සෝදමින් සිටින අශුද්ධ සන්ධානය පරාජය කිරීම සඳහා තමා ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස සියලු පාර්ශව සමඟ සාකච්ඡා අරඹන බවද ඔහු සඳහන් කළේය.
එකට එකතුවන ලෙසට විපක්ෂනායකවරයාට සහ ජනාධිපතිවරයාට ආරාධනා කරන බව පැවසූ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව ගිනි තියන රටේ ගෙවල් ගිනි තියන දේශපාලනය පිටුදැකීමට පෙරට එන්නැයි සියලු පාර්ශවවලින්ද ඉල්ලා සිටින බව ප්‍රකාශ කළේය.
රට දිනවන වැඩපිළිවෙලේ කවුරුන් හෝ නායකයකු ඉදිරියෙන් සිටින්නේ නම් මේ අවස්ථාවේදී කළ යුත්තේ ඔහුගේ කකුලෙන් ඇදීම නොවන බවද හෙතෙම පැවසීය.
ප්‍රජාතන්ත්‍ර විරෝධී මෙම අශුද්ධ කණ්ඩායමට රට නැවත වතාවක් ගිනි තැබීමට ඉඩ නොදිය යුතු බව පැවසූ අරුන්දික ප්‍රනාන්දු මහතා මේ අය අද බලයට එන්න හදන්නේ ජනතාවගේ ඔලු අවුල් කරමින් බවද ප්‍රකාශ කළේය.
ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරන දේශපාලන කණ්ඩායම් සිටින්නේ නම් මේ අවදානම තේරුම් ගත යුතු බවත් අද එළැඹ ඇත්තේ සියලු දෙනා එකතු විය යුතු අවස්ථාවක් බවත් ඔහු සඳහන් කළේය.
මේ අශුද්ධ කණ්ඩායම සමාජ මාධ්‍ය යොදාගෙන තරුණ තරුණියන්ගේ මනස විකෘති කරමින් සිටින බවද මන්ත්‍රීවරයා කීවේය
COMMENTS
අනෙ පලයන් එන එන රජයවල් වලට පැන පැන දැන් ස්වාධීන වෙන්න හදනවා.කරන්න තියන් ජඩ වඩ කරලා .
රට ගොඩ ගන්ඩ මිනිස්සුන්ට එකතු වෙන්ඩ කියන තමුන්ල කැමතිද ඔය යාන වාහන , වරප්‍රසාද, කොමිස් කුට්ටි අතෑරලා, සාමාන්‍ය මිනිස්සු ගොඩට එකතු වෙන්ඩ. සාමාන්‍ය මිනිස්සු වගේ කෝච්චියේ, බස් එකේ යන්ඩ? නැත්තන් පර්මිට් වලින් ගෙන්නපු වාහනයක් නැතුව රෙන්ට් එකට ගත්ත වාහනයක් පදින්ඩ. එහෙම කරන්ඩ කීයටවත් කැමති නෑනේ?
අසුබ කණ්ඩායම කවුද කියලා මිනිස්සු දන්නවා. මෙයා හිතන් ඉන්නේ ලංකාවේ මිනිස්සු මේ අය වගේම බූරුවන් කියලා. මිනිස්සු මේ පාර රැවටෙන්නේ නැහැ.
මහජන මුදල් කාබාසිනියා කරමින් ගෙවපු සැපවත් ජීවිතේ ඉවර වෙනවා කියලා තේරුම් ගිහින් තියෙන්නේ.
බලයට එන්න ගේම් ගහන, බලයට ඇවිල්ලා හොරකම, දූෂණ, වංචා ජීවනෝපාය කරගත් ඔයාලාගේ දැන් බොක්ක රත්වීගෙන එන බව අපි දන්නවා. ඒ නිසා ලබන 22දාට රටටම බලාගන්න පුළුවන්... සුද්ධ සංධානයේ ඉන්නේ කවුද? අසුද්ධ සංධානයේ ඉන්නේ කවුද කියලා...?
දැන් කොච්චර කාලයක්, කීපාරක් නම්, එකතුවලා ගේම ගැහුවා නේද? රටේ ළමයින්ගෙන් තුනෙන් එකකට මන්දපෝෂණය බව මේ ගොල්ලෝම පත්කළ කමිටුවක් අද පාර්ලිමෙන්තුවට වාර්තා ඉදිරිපත් කරලා...! මේ පාර නම් එකතු වෙලාවත් ගොඩයන්න බැරිවෙන පාටයි...
මන්ත්‍රීතුමෝ පුළුවන් නම් ඇමැතිකමෙන් අස්වෙලා පෙන්නන්න...!
තවත් සෝබන කාරයෙක්...!
හැම පැත්තටම පනිනවා... ඒ පැනලා ආයෙත් ඒකෙන් බලපොරොත්තු ඉෂ්ට නොවුණාම තවත් පැත්තකට පනිනවා. මෙයාට ප්‍රංශයේදී එක්නැලිගොඩ හමුවුණා කියලා කියපු බොරුව මිනිසුන්ට මතක ඇති. රට කරන්න පුළුවන් එකම කෙනා රනිල් ව්ක්‍රමසිංහ විතරයි... බලමුකෝ අනිත් අය අරන් කරන විදිය...!
කවුරු වුණත් කියන දේ හරියට කියලා තියෙනවා. මේ රටේ මිනිසුන්ව අසරණභාවයට පත් කරන්න මෙතෙක් කල් උත්සාහ කරලා සාර්ථක වුණාට පස්සේ ඒ මිනිස්සුන්ගේ දුක වේදනාව පාලකයින්ගේ වැරැදි නිසා බවට මිනිසුන්ගේ ඔලුවට දාලා මිනිස්සුන්ට පාලකයන් කෙරෙහි වෛරයක් ඇති කරලා ඒ තුළින් දේශපාලන බලය ගන්න හදන තිරිසන් ජවිපි නඩයට විරුද්ධව මුලදී කිසිවෙකු හඬ නැගුවේ නැහැ. ඒ වුණාට දැන් මිනිසුන්ට ඇත්ත පහදලා දෙන්න විවිධ බාධක මධ්‍යයේ අපි ගත්තු උත්සාහය සාර්ථක වෙන බව දැන් පෙනෙන කොට දැනෙන සතුට අසීමිතයි..
මංජුල ප්‍රදීප්, තිරිසන් පාලකයෝ මේ රටේ හිටපු නිසා තමයි ජනතාව දුකට පත්වෙලා තියෙන්නේ. ඒක දැන් මනාව ජනතාවට පැහැදිලි වේගෙන එනකොට තමුන්ලා වගේ රටේ ධනය මංකොල්ල කාපු කොටසකට රිදිලා අවලාද නගනවා, තාත්තගෙන් පුතාට, තමන්ගේ හතරවරිගේට තනතුරු හදාගෙන රංචු ගැහිලා කරපු අසික්කිත පාලනයට තිත තබන්න ආසන්නයි. මාලිමාවට ජයවේවා...!
දැන් ස්වාධින වෙලා මොනවා කරන්නද? ඡන්දෙට සුමාන 2 යි, ඊට පස්සේ පාර්ලිමේන්තුව විසුරුවනවා. අර එතනෝල් නඩු ඒවා මේවා ආයේ එනවා. ඕගොල්ලන්ට මිනිස්සු ආයේ ඡන්දෙ දෙන්නේ නැහැ. හිරේ යන්න ලැහැස්ති වෙන්න...
ස්වාධීන ලේබල් අලවාගෙන ගුටි නොකා බේරෙන්න හදන තව අපතයෙක් මූ