IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


අරුන්දිකට උප ඇමතිකමක් යළිත් ලැබෙන ලකුණු

(විනීතා එම් ගමගේ)

සංචාරක සංවර්ධන හා ක‍්‍රිස්තියානු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන්  ඉවත්කරනු ලැබූ අරුන්දික ප‍්‍රනාන්දු මහතාට අද හෙටම වෙනත් නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් හිමිවන බවට අද පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති උත්සවයක නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා ඉඟියක් පළ කළේය.

ඔරුගොඩවත්ත මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ නව ගොඩනැගිලි සංකීර්ණය අද පෙරවරුවේ විවෘත කෙරුණේ ජනාධිපතිවරයා අතිනි. අරුන්දික ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා ද එම උත්සව සභාවට සහභාගි වී සිටි අතර ජනාධිපතිවරයා සමඟ සුහද කතාබහක ද නියැලී සිිටියේය. ඔහුගේ පැමිණීම පිළිබඳව උත්සව සභාව ද විමතියට පත්ව සිටියේය. 

එහි දී ජනාධිපතිවරයා උත්සව සභාව ඇමතුයේ නැත.  උත්සව සභාව ඇමතූ ප‍්‍රධාන කථිකයා වූයේ චන්දිම වීරක්කොඩි අමාත්‍යවරයාය. ඔහු සභාවෙන් අවසර ගන්නා අවස්ථාවේ අරුන්දික ප‍්‍රනාන්දු මහතා හැඳින්වූයේ ‘‘ ඊයේ නියෝජ්‍ය ඇමති, අද මන්ත‍්‍රී , හෙට ආයෙත් නියෝජ්‍ය ඇමති’’ යනුවෙනි.

 



අදහස් (21)

අරුන්දිකට උප ඇමතිකමක් යළිත් ලැබෙන ලකුණු

ajit Wednesday, 13 September 2017 10:03 AM

මෙයාට ලැජ්ජාවක් නැද්ද? මේ ආණ්ඩුවට නැවත එන්න. මේවගේ අයව දේශපාලනයෙන් ඉවත් කලයුතුයි. ගන්න හදන අයටත් ලැජ්ජාවක් නෑ. අපේ කරුමේ මේ වගේ ඒවා දකින එකනේ...

:       2       367

naradhaWednesday, 13 September 2017 10:57 AM

ලැජ්ජාවක් තියෙන්න ඕනේ මේ වගේ අය ආපහු ගන්න අයටයි.

:       0       62

ජගත් ලියනගේ Wednesday, 13 September 2017 12:13 PM

ඡන්ද දායකයින් විදියට වෙනස් විදියට හිතන්න කාලේ හොඳටම ඇවිල්ලා. ප්‍රධාන පක්ෂ දෙකට ඡන්දෙ දීලා මීට පස්සේ අපි මෝඩ වෙන්න හොඳ නැහැ.

:       2       114

sunil Wednesday, 13 September 2017 12:39 PM

අපිට ඡන්දදායකයෝ හැටියට ලැජ්ජාවක් නැද්ද කියල අපියි අපෙන්ම අහගන්න ඕනි.

:       0       40

mahee Wednesday, 13 September 2017 10:07 AM

අහෝ ලෝක පාලක දෙවියනි, ඉහළ සිට පහළටම ලෝකයට පෙනෙන්න පමණක් රෙදි අඳින, අල්පමාත්‍ර වූ හෝ ආත්ම ගෞරවයක්වත් ලැජ්ජාවක්වත් නොමැති දේශපාලකයින්ගෙන් පිරුණු අපේ රට මෙවැනි අයගෙන් මුදා ගන්න සමතෙක් මේ මව්බිමේ නැද්ද?

:       1       1065

perakumWednesday, 13 September 2017 10:52 AM

ඇයි නැත්තේ මහී මේ ඉන්නේ. අපිම තමයි ඒක කරන්න ඕනේ. වෙන කවුරුත් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ අපිට ඒක කරන්න වුවමනාවක් නැතිකමයි.

:       0       90

NuwanWednesday, 13 September 2017 10:58 AM

හොරු වෙනුවෙන් අතින් තෙල් ගහගෙන වුණත් එන්න ලැහැස්ති පිරිසක් ඉන්න රටක් තමයි මේක...

:       0       35

මුළු ලොවWednesday, 13 September 2017 11:17 AM

මුළු ලොවටම, ලෝක පාලක දෙවියන් ලඟදීම වෙනසක් කරනු ඇත. කාලගුණ විපර්යාස දෙස බලන්න. බුදුන් දෙසූ මැද මාවත අනුගමනය කරන්න. මේ අවසන් කාලය වේ. ජේසුතුමන්ද විනිශ්චයට එනු ඇත.

:       2       140

Kamal Wednesday, 13 September 2017 10:16 AM

මහින්දගේ පස්සෙන් ගිහින් වැඩක් නෑ කියලා තේරෙන්න ඇති.

:       610       759

janatha anura Wednesday, 13 September 2017 12:11 PM

මහින්ද මහත්තයාගේ පස්සෙන් යනවට වඩා රවී මහත්තයා පස්සෙන් ගියානම් හොඳයිනේ...

:       30       16

ලුම්බිණි Wednesday, 13 September 2017 10:28 AM

කාපු කෑම වල රස දන්නා කෙනෙක් ලෙහෙසියෙන් එලවන්න බැහැ. කොච්චර එලෙව්වත් අායෙත් එනවා.

:       0       78

naradha Wednesday, 13 September 2017 10:43 AM

බලාගෙන ගියාම ඔක්කොම එකයි. හමදාම රැවටෙන්නේ මේ අයව පත්කරන මහජනයායි. ලබන මැතිවරණයේදී සියලුදෙනා ඡන්දය දැමීමෙන් වැලකී සිටිය යුතුයි.

:       10       16

perakumWednesday, 13 September 2017 03:57 PM

ප්‍රශ්නයට උත්තරය ඒක නෙවෙයි නාරද, සියලුදෙනා බුද්ධිමත්ව ඡන්දය පාවිච්චි කල යුතුයි.

:       0       4

ravin Wednesday, 13 September 2017 10:51 AM

එතනෝල් වලින් වාහන දුවන්න පුළුවන් කියලා දැනගෙන වෙන්නැති....

:       0       30

පිටිගල මිලානෝ Wednesday, 13 September 2017 11:38 AM

කවුරුහරි මඩුවලිගයක් මට එවනවද? වෙන කාටවත් නෙවෙයි මටම තලාගන්න.

:       0       14

පිටිගල මිලානෝ Wednesday, 13 September 2017 11:38 AM

කවුරුහරි මඩුවලිගයක් මට එවනවද? වෙන කාටවත් නෙවෙයි... මටම තලාගන්න.

:       0       29

Danushka Wednesday, 13 September 2017 11:50 AM

සමහර දේශපාලකයෝ සමාන වෙන්නේ භූත, ප්‍රේත ආත්ම වලට තමයි.

:       0       2

තිළිණ Wednesday, 13 September 2017 11:50 AM

ඊයේ යහපාලනයේ ගුණ වයාගෙන ආපු කට්ටියට මතක හිටින්න පාඩමක් ඉගැන්නුවනේ...

:       0       1

siri Wednesday, 13 September 2017 11:54 AM

සමහරවිට මහින්ද යටතේ වෙන්නත් බැරි නෑනේ. ඔය කියන සේරම මෛත්‍රිට "විපතක්" වුණොත් මහින්ද පැත්තකට යනවා එක මොහොතකින්. එහෙම වුණොත් පක්ෂයේ ප්‍රශ්නය ඉවරයි.

:       11       43

kumara Wednesday, 13 September 2017 03:05 PM

ශ්‍රී ලංකන්ස්ලා තවම ට්‍රැඩිෂනල් ජාතියක් කියලා තමයි ටැමිල්ස්ලා හිතන්නේ...

:       0       0

RANAVI ****** Thursday, 14 September 2017 09:44 AM

එක්නැලිගොඩ පැරිස් වලදී ඇස් ගෙඩි දෙකෙන් දැක්කා කිපු මේ හාදයා ගැන තව මොන කතා ද ? ඡන්දේ දෙන අපි මිනිස්සු පවු ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 47 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2005 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1558 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site