අග විනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය සම්බන්ධ විභාගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟදැයි අර්ථ නිරූපණයක් ඉල්ලා අභියාචනාධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම් දෝෂ සහගත යැයි නීතිපති ජනාධිපති නීතීඥ පාලිත ප්‍රනාන්දු මහතා නිමල් ගාමිණී අමරතුංග මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිෂ්ච මණ්ඩලය හමුවේ අද විරෝධතා ඉදිරිපත් කළේය. අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම් හතක් සම්බන්ධයෙන් මෙම අර්ථ නීරූපනය ඉල්ලා තිබිණි. අභියාචනාධිකරණය මේ සම්බන්ධයෙන් පැමිණිල්ලේ සහ නීතිපති යන දෙපාර්ශවයේම කරුණු විමැසිය යුතු වුවත් මෙහිදී එය සිදුවී නැතැයි තර්ක කළ නීතිපති එහෙයින් මෙම පෙත්සම් විභාගයට ගැනීමට ඉඩක් නැතැයි ද තර්ක කළේය. විභාගය සිකුරාදාට කල් තැබිණි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
‘අර්ථ නිරූපන පෙත්සම් දෝෂ සහිතයි‘
සදුන් Thursday, 13 December 2012 04:46 PM
එහෙම බැහැ. එතකොට අපේ ආණ්ඩු විරෝධයට මොකද වෙන්නේ? (නි)
චන්දන Friday, 14 December 2012 03:01 AM
අයියෝ සල්ලි
ධනුක Thursday, 13 December 2012 05:40 PM
මේකෙ දැං වැරදි තියෙනවා කියලා මග අරින්නයි යන්නේ..!(නු)
මාලක Friday, 14 December 2012 07:27 AM
අයියෝ සල්ලි
තුසිත් Friday, 14 December 2012 09:12 AM
අපිට නම් ගොඩක් ලැජ්ජයි අපේ නීතිය ගැන. (නි)