IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


‘අර්ජුන් ඇලෝසියස්ට නඩු දැමිය හැකියි‘

(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)

බැඳුම්කර කොමිසමට බොරු කීම සම්බන්ධයෙන් පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස් මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ අපහාස නඩුවක් ගොනු කළ හැකි බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා අද (01) කොමිසමට දැනුම් දුන්නේය.

අර්ජුන් ඇලෝසියස් මහතා භාවිතා කළ ජංගම දුරකතනයේ ‘ඇපල් ගිණුමේ මුරපදය‘ ලබාදෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා කළ ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගයක් හෙට දින (02) ප‍්‍රකාශයට පත් කරන බව කොමිසම අද (01) වැඩිදුරටත් නියම කළේය.

කොමිසමේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා මීට පෙර අවස්ථාවකදී කළ ඉල්ලීමකට අනුව අර්ජුන් ඇලෝසියස් මහතා 2016 ඔක්තොම්බර් මාසයේදී භාවිතා කළ ජංගම දුරකතනයේ ‘ඇපල් ගිණුමේ මුරපදය‘ (Password) සහ භාවිත නාමය  (User Name) ආදී කරුණු විමර්ශන නිලධාරීන්ට ලබාදෙන ලෙසද නියම කෙරිණි.

2015 වර්ෂයේ සිට මේ දක්වා අර්ජුන් මහෙන්ද්‍රන් මහතා භාවිතා කරන සියළුම ඩිජිටල් තාක්‍ෂණ උපකරණ ඩිජිටල් වෝහාරික පරීක්‍ෂණයකට ලක් කළ යුතුයැයි කියමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා කරන ලද ඇයැදුමක් පිළිගනිමින් අදාළ උපකරණ කොමිසම බාරයට පත් කරන ලෙස මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන්  මහෙන්ද්‍රන් මහතාට කොමිසම නියම කළේය.

කොමිසමේ සාක්කි විභාග කරන අතරතුර පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුජ පේ‍්‍රමරත්න මහතා කොමිසම අමතමින් තම සේවාදායකයා ජංගම දුරකතනය මිලදී ගෙන ඇත්තේ සිංගප්පුරූවෙන් යැයි කීය.

ජංගම දුරකතනය සිංගප්පුරූවෙන් මිලදී ගැනීමෙන් අනතුරුව තම සේවාදායකයා එම ජංගම දුරකතනයේ ‘ඇපල් ගිණුමේ මුරපදය‘ සහ භාවිත නාමය ආදී යොදන ලද්දේත් සිංගප්පුරූවේදී නිසා මේ වන විට ඔහුට ඒය මතක නැතැයිද ජනාධිපති නීතීඥ අනුජ පේ‍්‍රමරත්න මහතා කොමිසමට දැනුම් දුන්නේය.

කොමිසමේ විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා-“ ඔබගේ සේවාදායකයා ඔහුගේ  ‘ඇපල් ගිණුමේ මුරපදය‘ සහ භාවිත නාමය ආදී කරුණු දැනුම් දෙන්නේ නැත්නම් අපි ඒ කරුණු වෙනත් ක‍්‍රමයකින් ලබාගැනීමට කටයුතු කරනවා.“

අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා.-“ පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස් මහතා බැඳුම්කර කොමිසමට කියන්නේ බොරු, ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ අපහාස නඩුවක් ගොනු කළ හැකියි.“

අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා-“අර්ජුන් ඇලෝසියස් මහතා භාවිතා කළ ජංගම දුරකතනයේ ‘ඇපල් ගිණුමේ මුරපදය‘ ලබාදෙන ලෙස නියෝගයක් නිකුත් කරන්න.“

ඉදිරිපත් වු කරුණු සළකා බැලූ කොමිසම මෙම ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගයක් හෙට දින (02) ප‍්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නේය.

 



අදහස් (7)

‘අර්ජුන් ඇලෝසියස්ට නඩු දැමිය හැකියි‘

raveendra Tuesday, 01 August 2017 03:40 PM

ඔව් ඉතින් නඩුව අහවරවන විට ඔය කියන අය ඔක්කොම සහ අපි සැවොම වැලිගම ගිහිනුත් අවුරුදු 50ක් විතර කාලයක් ගතවෙලා ඇති.

:       0       34

anura Tuesday, 01 August 2017 03:56 PM

මොනවද මේ කථා අපහාස නඩුවට කලින් හොරකමට නඩු දාන්න ඕනේ.

:       0       32

de silva berlin Tuesday, 01 August 2017 08:27 PM

හතර වෙනි තට්ටුවට අරගෙන ගියානම් මුරපදය නිකම්ම මතක් වේවි , ලංකාවේ පොලිසියට මේවා ලොකු දේවල් නොවේ නමුත් මේ ප්‍රශ්නෙදි ආණ්ඩුවේ ඉහලම තැනක ඉන්න ලෝකෙකෙක් පොලිසියේ අතපය බැන්දලානේ, මේ හැමෝටම රටේ ආර්ථිකය සුරකන හොරු අල්ලන්න මතක්වෙන්නේ විපක්ෂේ ඉන්න කොට ,

:       0       37

Hafeel Tuesday, 01 August 2017 09:24 PM

මෙතන පැහැදිලිවම මහා වංචාවක් වෙලා තියෙනවා. තවත් පරක්කු කරන්නැතුව පාඩුව ආපහු අයකරගෙන දඬුවම් දෙන්න තමයි තියෙන්නේ.

:       0       33

sachith Tuesday, 01 August 2017 11:29 PM

මොන නඩුද, තව ටික දවසකින් මේ කොමිසමට වෙන්නෙත් දුෂණ මර්ධන කාර්යාලයට වුන දේම තමයි. වැටත් නියරත් ගොයම් කා නම් කාට කියන්නද මේ දුක.

:       0       37

de silva Wednesday, 02 August 2017 10:55 AM

ඔහු වරදක් කලබවට සාධාරණ සැකයක් කොමිසමට තිබෙනවානම් මොහු සැකපිට අත්අඩංගුවට අරන් නඩු පවරන ලෙස අධාල අංශවලට ( රහස්පොලිසියට ) නිර්දේශ කරන්නේ නැත්තේ මොකද ?

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 02 August 2017 11:45 AM

අපි අමාරුවෙන් ගොඩ දාපු පක්ෂේ කෑවා. මේ මනුස්සයා යු අන්පී ද ශ්‍රී ලංකාද, කොටින්ම ලංකාවේ කෙනෙක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31402 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13657 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11028 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 135 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1042 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 286 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site