IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


අර්ජුන් ඇලෝසියස්ගේ විද්‍යුත් උපකරණ පරික්ෂාවට නියම කරයි

 

(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
 
මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගේ බෑණා වන පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂක අර්ජුන් ඇලෝසියස් මහතා භාවිතා කළ ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක, ටැබ්ලට්, පරිගණක ඇතුලු සියලුම විද්‍යුත් සන්නිවේදන උපකරණ සියල්ලම විමර්ශණ නිලධාරීන්ට බාර දෙන ලෙස බැඳුම්කර කොමිසම අර්ජුන් ඇලෝසියස් මහතාට අද (24) නියම කළේය.
බැඳුම්කර කොමිසමේ සාක්කි විභාග කරන අතරතුර ඇතිවු තත්වයක් මත 2015 සහ 2016 කාලයන්හිදී අර්ජුන් ඇලෝසියස් මහතා භාවිතා කරන ලද විද්‍යුත් සන්නිවේදන උපකරණ සියල්ලම කොමිසම බාරයට ගන්නා ලෙස කළ ඉල්ලීමක් පිළිගනිමින් කොමිසම එලෙස නියම කළේය.
2015 පෙබරවාරී මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි, ප‍්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කිරීම සිදු කෙරේ.
කොමිසමේ කටයුතු ආරම්භ කළ අවස්ථාවේදී අර්ජුන් ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා කොමිසම අමතමින් තම සේවාදායකයා 2015 සහ 2016 කාල වලදී භාවිතා කළ ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක, ටැබ්ලට්, පරිගණක ඇතුලු සියලුම විද්‍යුත් සන්නිවේදන උපකරණ කොමිසමට බාර දෙන ලෙස දැනුම් දී ඇතැයි කීය.
තම සේවාදායකයා මිලදී ගත් ජංගම දුරකථන ඇතුලු ඇතැම් විද්‍යුත් සන්නිවේදන උපකරණ පිළිබඳව ඔහුටවත් මතකයක් නැති බව ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා කොමිසම අමතමින් වැඩිදුරටත් කියා සිටියේය.
තම සේවාදායකයාගේ ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක, ටැබ්ලට්, පරිගණක ඇතුලු සියලුම විද්‍යුත් සංනිවේදන උපකරණ වල ඇති දත්ත තම සේවාදායකයා ඉදිරිපිටදීම ලබා ගන්නා ලෙසත් එම උපකරණ වල ඇති දත්තයන් ලබා ගැනීමේදී ඒවා විනාශ නොවන ආකාරයෙන් ලබා ගැනීමට නියම කරන්නැයිද ඉල්ලා සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ඒ සම්බන්ධයෙන් අර්ජුන් ඇලොසියස් මහතා විසින් කළ ඉල්ලීම් අඩංගු දිව්රුම් පෙත්සමක්ද කොමිසමට ඉදිරිපත් කළේය.
ඉදිරිපත් වු කරුණු සළකා බැලූ කොමිසම අදාළ ඉල්ලීම් වලට අවසර ලබා දුන්නේය.

 



අදහස් (0)

අර්ජුන් ඇලෝසියස්ගේ විද්‍යුත් උපකරණ පරික්ෂාවට නියම කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1978 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1549 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site