IMG-LOGO

අයි.එම්.එෆ් ගිවිසුම කමිටුවලට දෙනවා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමකට අවතීර්ණවූ පසු ඒ පිළිබඳ විස්තර අදාළ කමිටුවලට  ලබාදීමට සූදානම් බව  අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (04) පැවසීය.

දැනට තිබෙන්නේ එකඟතා ගිවිසුම් පිළිබඳ කෙටුම්පතක් පමණක්  බවද අගමැතිවරයා ප්‍රකාශ කළේය.

අගමැතිවරයා මෙසේ පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රජය ඇතිකරගෙන ඇති කාර්ය මණ්ඩල ගිවිසුම සභාවට ඉදිරිපත් නොකරන්නේ මන්දැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම පිළිබඳ  ප්‍රශ්නය කිහිප වතාවක්ම පාර්ලිමේන්තුවේදී නැගූ  බවත් ඒ සම්බන්ධයෙන් මීට පෙර සභානායකවරයාද, මුදල් අමාත්‍යංශයද පිළිතුරු දී ඇති  බවත් අගමැතිවරයා සඳහන් කළේය.

විමල් වීරවංශ  මහතා:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රජය කාර්ය මණ්ඩල ගිවිසුමකට ගිහින් තියෙනවා.ඒ ගිවිසුම ඇයි සභාවට ඉදිරිපත් කරන්නේ නැත්තේ? රට දැනගන්න ඕනේ නැද්ද?"

අගමැති දිනේෂ් ගුණවර්ධන :

තවම ගිවිසුමකට අවතීර්ණය වෙලා නෑ... එකඟතා ගිවිසුමක කෙටුම්පතක් පමණයි තිබෙන්නේ. ඉන් අනතුරුව ඒ පිළිබඳ විස්තර අදාළ කමිටු වලට සුවිශේෂව ලබාදීමට පුළුවන්කම ඇති වෙනවා.

විමල් වීරවංශ :

"ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඇතැම් ප්‍රකාශකයන්, මම දන්නේ නෑ ප්‍රවෘත්ති වරදවා දාලාද කියලා. කාර්ය මණ්ඩල ගිවිසුමකට අවතීරණවී ඇත කියන එක ඒ වාර්තාවල තිබුණා. නමුත් ඔබතුමා කියනවා නම් වගකීමෙන් කාර්ය මණ්ඩල ගිවිසුමක් නෑ කියලා අපිට ඒක පිළිගන්න පුළුවන්. නමුත් එහෙම වාර්තා තිබුණා.



අදහස් (2)

අයි.එම්.එෆ් ගිවිසුම කමිටුවලට දෙනවා

ganegoda Tuesday, 04 October 2022 02:26 PM

අලුත් මරලතෝනියක් ?

:       0       2

samaadi Tuesday, 04 October 2022 03:17 PM

කමිටු පිහිටුවලා ගෙදර ඉන්න බල්ල පුස වෙනකන් පාර්ලිමෙන්තුවට දාගෙන ජතාවගෙ මුදල් හොදට බෙදල දීපල්ලාඅ ! ! මගෙ රටට දෙයියන්ගෙම පිහිටයි .. තොපිට හෙනම ගහපියව් කියන්නත් අමතක උනේ නැහැ !

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 36 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 13 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 664 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site