IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අයි.එම්.එෆ් දෙවැනි වාරිකය ලැබුනාම අමාරු කාලය ඉවරයි

(අංජුල මහික වීරරත්න)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීමේ සාකච්ඡා ධනාත්මක මට්ටමක පවතින බවත්, රජය දැනට සිදුකර තිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ජාත්‍යන්තර  මූල්‍ය  අරමුදලේ ඇගයීමට ලක්ව තිබෙන බවත් වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

එසේම දෙවැනි වාරිකය ලබා ගැනී‍ම සඳහා සම්පූර්ණ කළ යුතු කාර්ය මණ්ඩල එකඟතාව ලබා ගැනීමේ සාකච්ඡා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජර්මන් නිල සංචාරයෙන් පසුව සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ  'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
රටක් ලෙස මුහුණදීමට සිදුවු අසීරු කාලය දැන් පසුකරමින් සිටින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීමෙන් පසුව 2024 වසරේ සුබවාදී ආර්ථිකයක් කරා රට ගෙන යාමට හැකියාව ලැබෙන බවත් වැඩබලන  මුදල් අමාත්‍යවරයා කීය.



අදහස් (7)

අයි.එම්.එෆ් දෙවැනි වාරිකය ලැබුනාම අමාරු කාලය ඉවරයි

Rata Perata Thursday, 28 September 2023 05:32 PM

මේ මනුස්සයා දන්න මූල්‍ය කලමනාකරණයක් නෑ. මෙයාලගේ හොඳ කාලය නම් ඇවිත් තව ණයක් ගත්තාම පිස්සො රැළක්...

:       5       19

nihal Thursday, 28 September 2023 05:51 PM

පිස්සු කෙලලා, බොරු කියලා රටේ මිනිස්සු මෝඩ කරපු කාලය ඉවරයි. ඔය කට ඇරගෙන, උඩ බලන් ඉන්න... ඔය වාරිකය ලැබෙන්නේ පළමුවෙන් පවත්වන "ඡන්දයකින්" පසුවලු...

:       8       30

ගමේ එකාලා Thursday, 28 September 2023 06:12 PM

ණය ගත්තාම ඔක්කොම හරියයි. ණය ගෙවන්නේ රටම හොරාකාලා, කාබාසීනියා කරපු දූෂිත දේශපාලුවෝ නෙවෙයි.. රටේම ජනතාව..?

:       4       26

de silva Thursday, 28 September 2023 06:47 PM

ඔය වාරිකය ලැබේවි 2026 පමණ එනකොට වෙන්න ඕනෙ දේවල් සිදුවී හමාරය.

:       3       18

fairoos Thursday, 28 September 2023 08:01 PM

එහෙනම් අපි ආපහු පොහොට්ටුවටම ඡන්දෙ දෙන්නම්...!

:       0       0

සල්ලි Friday, 29 September 2023 07:41 AM

හැමදාම පච ඇරපන් ප්‍රසිද්ධියේ...

:       0       0

Nimal Friday, 29 September 2023 01:26 PM

ණය ගත්ත ඔයා ඒක ගෙවන්නේ නෑනේ...! ඔයාලා කරන්නේ ඒකෙනුත් තව හොරාකන එකනේ. ඒක නිසා ඔයාලාගේ අමාරු කාලේ නම් ඉවර වෙයි තමයි. අනික ආර්ථික ප්‍රතිසංස්කරණ කියලා කළේ බඩුමිල වැඩිකරපු එකනේ. ඕකට ඉතින් ආර්ථික විශේෂඥයෝ ඕන නෑනේ.. අර කවුද කිව්වා වගේ ‘‘ඕන ගොනෙකුට කරන්න පුළුවන් නේ...‘‘ ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site