(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

2027 විසර්ජන පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ලැබී තිබේ.

විසර්ජන පනත් කෙටුම්පතට අදාළ අයවැය ඇස්තමේන්තු, රාජ්‍ය ආදායම් හා වියදම් කළමනාකරණය සහ ප්‍රමුඛතා සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන්  පාර්ලිමේන්තුවේදී රැස් වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ මෙම කරුණු සාකච්ඡා කෙරිණි.

මෙම කාරක සභා රැස්වීමට නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර සහ ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, අජිත් අගලකඩ, නිමල් පලිහේන, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, විජේසිරි බස්නායක, තිළිණ සමරකෝන් සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර  මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.