IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අඹු සැමි යුවළ කොරෝනාවට බිළි

(ආනන්ද ඉ ජයකොඩි)

වේයන්ගොඩ එළුවපිටිය ගම්මානයේ    කොරෝනා වයිරසය ආසාදනය වී අඹුසැමි යුවළක මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

කොරෝනා ආසාදිත වූ තිදරු පියා මීට සති කුනකට පෙර මියගොස් ඇති අතර ඔහුගේ බිරිය තිදරු මව ඊයේ දින මියගොස් ඇත.

ඔවුන්ගේ දරුවන් තිදෙනා ද වයස අවුරුදු තුනක මුණුපුරකු ද  මේ වන විට කොරෝනා වයිරසයට ගොදුරු වි ඇතැයි සෞඛ්‍ය වාර්තා සඳහන් කරයි. 

දැනට සති තුනකට පෙර කෝවිඩ් 19 වයිරසය ආසාදනය වී සැමියා මිය යාමෙන් පසුව නිවැසියන් සියළු දෙනාට සිදු කළ පී.සී.ආර් මියගිය මවට සහ ඇගේ  ඇගේ පුතුන් තිදෙනෙකුට හා කුඩා දරුවාටත් කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට වාර්තා ලැබී තිබිණ..

එම පිරිස අද (12) ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යැවීමට සැලසුම් කොට සිටියදී මව ඊයේ (11) රාත්‍රී මිය ගොස් ඇති බව පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී ඇත.

මිය ගිය තැනැත්තිය ගේ නිවසේ සිටින සියළු දෙනාට වයිරසය ආසාදනය වී ඇති හෙයින් ආදාහන කටයුතු කිරීම සඳහා ඔවුන්ට දායක වීමට නොහැකි වීම හේතුවෙන් අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා ගේ මැදිහත්වීම යටතේ කිසිදු මුදලක් අය නොකොට මිය ගිය මවගේ ආදාහන කටයුතු තිහාරිය මල්වත්ත ආදාහනාගාරයේ දී අද (12) දහවල් සිදු කෙරිණි.

සභාපති වරයාගේ ඉල්ලීම පරිදි නිට්ටඹුව ප්‍රදේශයේ මල් ශාලාවක් මගින් මෘත දේහය සකස් කොට අවමංගල රථයකින් ආදාහනාගාරය දක්වා වූ සියළු කටයුතු ද නොමිලේ කර දෙනු ලැබීය.

 



අදහස් (5)

අඹු සැමි යුවළ කොරෝනාවට බිළි

Aruna Saturday, 12 June 2021 07:58 PM

එකට එක්වෙමු... සෞඛ්‍ය උපදෙස් පිළිපදිමු. මිනිසුන් වෙනුවෙන් හිතමු. සියලු දෙනාම රැකගනිමු. නැවත හිතමු මේ ගැන..

:       0       1

සත්‍යා Saturday, 12 June 2021 08:16 PM

රෝගය උත්සන්න වූ අවස්ථාවේ පමණක් රෝහල් ගත කිරීමට පියවර ගනු ලබන්නේ සෞඛ්‍ය අංශවලට මෙය දරාගත නොහැකි නිසා විය යුතුයි. වෛද්‍යවරු හා පාලන අංශවල භේද මෙන්ම අනෙකුත් රෝහල් සේවකයින්ගේ භේද පවා කොරෝනා මරණ මෙන්ම අනෙක් මරණත් වැඩි කරාවි. එන එන ආණ්ඩුවලින් පත්කරන උපස්ථාකයින්ගේ පවා රැවුම් ගෙරවුම් මැද අහිංසක ජනතාව රජයේ රෝහල් වෙත යන්නේ ඔවුන් බොහෝවිට දුප්පත්ම නිසයි. හැමෝම එකතු වී වැඩ නොකලොත් මරණ වැඩිවී සේවා සපයන්නත් මිනිසුන් නැතිවේවි... හමුදාව හැර අප රටේ රාජ්‍ය අංශවල අකාර්යක්ෂම බව එන්නත්කරණයෙන්ම පේනවා. එම ක්‍රියාවලියත් කොරෝනා බෝ කිරීමේ උත්සාහයක් වැනිය.

:       0       0

මෝ Sunday, 13 June 2021 02:34 AM

මේ වගේ සිද්ධිදිහා බලලවත් මේ වයිරසයේ භයානකකම ගැන හිතලා වැඩ කරන්න. සියලු ආරක්ශක පියවර පිළිපදින්න. මේ වසංගතය ලේසියට ගන්න එපා...

:       0       0

සූර සරදියෙල් Sunday, 13 June 2021 06:16 AM

මියගිය මවට නිවන් සුව... සභාපතිතුමා ඔබතුමාට ස්තූතියි. සහ මල්ශාලාවේ අධිපතිතුමා අැතුලු අයටද ස්තූතියි. අපි සියලුම දෙනා මේ අවස්ථාවේ අන්ත අසරණ තත්වයට පත්වෙලා ඉන්නේ... ඔබ සේවය බලා අනික් සියලුම වගකිවයුතු මහජන සේවකයින්ගෙත් අැස් අැරේවා...!!! 

:       0       5

fairoos Sunday, 13 June 2021 12:33 PM

මියගිය මවට නිවන් සුව... සභාපතිතුමා ඇතුළු සැමටම ස්තූතියි ...!!! 

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 133 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 757 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site