ශ්‍රී ඝටීකාර මහ සෑ රදුන් පිහිටි මාලබේ පිට්ටුගල නව නුවර පාරේ අමාවතුර අසපුවේ ‘බුදු පසේ බුදු අරහන්තක මහා විහාරයේ‘ දී සර්ව රාත්‍රික ආශිර්වාද පිරිත් සජ්ඣායනාවක්පැවැතිවිණ.
මහ පිරිත, දම්සක් සූත්‍රය, මහා සමය සූත්‍රය, ජය පිරිත, ධජග්ග සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය, සහ ජිනපංජර ගාථා සජ්ඣායනා විය.
ලක්දිවටත්, සියලු රටවැසියන්ටත්, ස්වභාවික ආපදා ආදියෙන් අනතුරු සිදු නො වී වාසනාවන්ත යුගයක් බිහි වේවා යන අධිෂ්ඨානයෙන් යුක්ත ව පැවති පින්කමෙහි මුලසුන අඹන්පොල ඤාණවිජය හිමියෝ දැරූහ.
කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වය යටතේ මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ වැඩ වාසය කරන සංඝරත්නයේ සහභාගිත්වයෙන් සහ දහසකට අධික උපාසක උපාසිකාවන්ගේ සහභාගිත්වයෙන් මෙම පිරිත් පිංකම සංවිධානය කර තිබිණි.
ඡායාරූප - මහාමේඝ පුවත් සඟරාව අනුග්‍රහයෙනි








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳ පින්කමක්...(බ)
සාධු සාධු!! තෙරුවන් සරණයි! (නි)
අසිරිමත් පිරිත් පින්කමක් නෙතින් දැක සජ්ඣායනා කරන්නට මාද වාසනාවන්ත වුණා. මේ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා! (නි)