IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


අම්පාරටත් වැස්ස සැරටම

(ඩී. ඥානසිරි හෙට්ටිආරච්චිගේ)

පවතින අධික වැසි සහිත කාලගුණය නිසා ඇතුවූ ගංවතුර තත්වය හේතුවෙන් ඊයේ (26) වන දින අවසන් වනවිට අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12 ක පවුල් 482  කට අයත් 1550 ක්   දෙනෙකු පීඩාවට පත්ව සිටින බව, අම්පාර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ පිරිස අතර, අම්පාර  පවුල් 38 කට අයටත් 106 ක්, උහන පවුල් 55 කට අයත් 175 ක්, දමන පවුල් 06 කට අයත් 31 ක්, සම්මන්තුරේ පවුල් 02 කට අයත් 09 ක්, අඩ්ඩාලචේන පවුල් 228 කට අයත් 751 ක්, කාරතිව් පවුල් 27 කට අයත් 90 ක්, සම්මන්තුරේ පවුල් 79 කට අයත් 267 ක්, නාවිදන්වේලි  පවුල් 07 කට අයත් 26 ක්, ඉරක්කාමම් පවුල් 02 කට අයත් 03 ක්, නින්දවුර් පවුල් 01 කට අයත් 04 ක්, මහඔය පවුල් 02 කට අයත් 08 ක්, කල්මුණේ උතුර පවුල් 73 කට අයත් 186 ක්,  සිටිති.

මෙයින් පවුල්  20 කට අයත් 47 දෙනෙකු අම්පාර මහාවාපි මහා විහාරයේ 26 වන දින ස්ථාපිත කරන ලද තාවතාලික සුරැකුම් මධ්‍යස්ථානයේත්, අම්/මිහිදුපුර විද්‍යාලයේ සුරැකුම් මධ්‍යසථානයේ පවුල් 18 කට අයත් 56 ක්  සදහා පහසුකම් ලබාදී  ඇත.

මෙයට අමතරව, සම්මන්තුරේ අල් හිලාල් විද්‍යාලයේ පවුල් 26 කට අයත් 54 ක්, මරදමුණේ ලිබර්ටි ශාලාවේ පවුල් 26 කට අයත් 97 ක්, අඩ්ඩාලචේන  නිලාමියා කනිෂ්ඨ විද්‍යාලයේ පවුල් 06 කට අයත් 20 ක්, ආලියාඩිවෙම්බු තිරු/තිරුවලියාවර් විද්‍යාලයේ පවුල්  11 කට අයත් 36 ක්,   රැදී සිටිති.    සෙසු පිරිස් සිය ඥාතී නිවෙස්වල  තාවකාලිකව නවාතැන්ගෙන සිටින බව ද, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.

සුරැකුම් මධ්‍යස්ථානකරා පැමිණි සියළුම පිරිස් වෙනුවෙන් අවශ්‍ය සියළුම පහසුකම් සැපයීම සදහා අදාල ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් ලබාදී ඇතිබව, අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතා ප්‍රකාශ කරයි.

දිස්ත්‍රික්කයේ නිවාස 18 කට අර්ධහානි සිදුවී ඇති අතර, ප්‍රධාන මාර්ග තුනක ගමනාගමනය අඩාලවී ඇත.

අම්පාර-ඉඟිණියාගල ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය අඩාලවී ඇති බැවින්, අ.පො.ස.(උසස් පෙළ) විභාගය සදහා පෙනී සිටින අපේක්ෂකයින්ට විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමේ දි සිදුවන ගමනාගමන අපහසුතා මගහැරීම සදහා කොන්ඩවටුවාන යුධ හමුදාවට අයත් රථ සූදානම්කර ඇති බව, අම්පාර ප්‍රාදේශීය ලේකම් තිළිණ වික්‍රමරත්න මහතා ප්‍රකාශකර ඇත.

කල්මුණේ-නාවිදන්වේලි ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය අවහිරවී ඇති කිට්ටංගෙයි පාලම කොටසේ  ජනතාවගේ ගමන් පහසුව සදහා  නාවික හමුදාවට  අයත් බෝට්ටු යොදවා ඇති බව, ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි. එම ස්ථානවල මහජන ආරක්ෂාව සදහා හමුදාව සහ පොලිසිය යොදවා ඇත.

මේ අතර අම්පාර දිස්ත්‍රික්කයේ අම්පාර, දමන, එරගම, අඩ්ඩාලචේන, සම්මන්තුරේ, නින්දවුර්, කාරතිවු, සායින්දමරුදු, කල්මුණේ සහ නාවිදන්වේලි, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සදහා ආපදා රතු නිවේදන නිකුත්කර ඇත.

සුරැකුම් මධ්‍යස්ථාන වෙත පැමිණෙන පිරිස් ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බවත්, පවතින අයහපත් කාගුණික තත්වය තවදුරටත් පැවතුනහොත් පීඩාවට පත්වන පිරිස හා හානි තවදුරටත් ඉහළ යාහැකි බව, අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතා සදහන් කලේය.

මේ අතර අම්පාර දිස්ත්‍රික්කයේ  ඇදහැලෙන මහ වැසි හේතුවෙන්, අම්පාර, දමන, එරගම, අඩ්ඩාලචේන, සම්මන්තුර, නින්දවුර්, කාර්තිවු, කල්මුණ සහ නාවිදන්වේලි, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සදහා ආපදා රතු නිවේදන නිකුත්කර ඇත.



අදහස් (0)

අම්පාරටත් වැස්ස සැරටම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 227 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 386 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site