IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අභිනව මහා නා හිමිට මුස්ලිම් පල්ලියෙන් උපහාර

(වයි.ඵ්.ඵස් වීරවංශ)

කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව මහා නාහිමියන් පිළිගැනීමේ උත්සවයකට යන අතර තුර බලංගොඩ ගොරකගහමඩ මුස්ලිම් පල්ලියට වැඩම කරවා උපහාර පිදීමේ උත්සවයක් එම මුස්ලිම් පල්ලියේ අශේක්. රිෂාඩි මව්ලවි තුමන් ඇතුළු පිරිසක්  සංවිධානය කර තිබුණි.

උයන්ගොඩ මෛත්‍රී මුර්ති මහා නාහිමියන් පිළිගැනීම සදහා බලංගොඩ මිරිස්වත්ත ශ්‍රී ධර්මානන්ද පිරිවෙන් විහාරස්ථානයට යන අතර තුරු මෙම උපහාර උත්සවයට සම්බන්ධ විය.

 



අදහස් (5)

අභිනව මහා නා හිමිට මුස්ලිම් පල්ලියෙන් උපහාර

සැදැහැවතෙක් Sunday, 16 March 2025 06:24 PM

අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක හිමියන් ජීවමානව වැඩසිටි සමයේත් මුස්ලිම් ජනතාව හාමුදුරුවෝ සමග ළඟින්ම ආශ්‍රය කළා.. මමත් 1996 පමණ ඒ හිමියන්ට කණ්ඩාමක් සමග දානයක් ගෙනගිය අවස්ථාවේත් මුස්ලිම් සහෝදරයෙක් එයට සහභාගි වුණා. ඒ වගේම ඒ මහ නාහිමියෝ අපවත්වූ වෙලාවේත් ඔය සහෝදර ජනතාව උපරිමයෙන් සහයෝගය දුන්නා කියලා අහලා තියෙනවා. මෙහෙම සම්බන්ධතා පැවතීම ජාතියේ වාසනාවක් කියන්න පුළුවන්...

:       4       45

මැක්ස් Sunday, 16 March 2025 06:50 PM

ඉතා හොඳ යහපත් ප්‍රතිචාරයක්. සද්භාවයෙන් ඊට කැපවූ සියලු දෙනා අගය කළ යුතුයි.

:       3       38

රම්බොඩ Sunday, 16 March 2025 09:50 PM

මෙවැනි සිදුවීම් දිහා අකිශයෝක්තියෙන් තොරව උපේක්ෂාවෙන් බැලීමයි වැදගත්. බාහිරයට වඩා අභ්‍යන්තරය වෙනස් විය හැකියි.

:       0       1

රනේ Monday, 17 March 2025 06:07 AM

1. ආගමට කලිනුයි අපි මිනිස්සු උනේ 2. හින්දු, කතෝලික, මුස්ලිම් යන හැම ආගමකත් බුදු දහමෙත් දෙවියන් විශ්වාස කරනවා 3. හැම ආගමකම පසුකාලීන එකතුකිරීම් ඉවත්කිරීම් නිසා කාලීන වෙනස්කම් තිබෙනවා 4. ආගම් අතර මතබේද ඇතිකර වාසි සලසාගන්නා අධමයින් හැමදාමත් ඉඳල තියෙනවා.

:       0       4

ගමේ එකාලා Monday, 17 March 2025 02:16 PM

බළන්ගොඩ කස්සප හිමි දැන් මොනවා කියාවිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 41 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site