IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අපේ චිත්‍රපට දෙකකට සම්මාන හතරක්

(සමන්ත යහම්පත්)

ඇමෙරිකාවේ ලාස් වේශාස්හි පැවැති ‘‘දෙවැනි සිලෝන් අන්තර්ජාතික සිනමා උළෙලේ දී’’ (2nd Ceylon intemational film fesfival-2003) ශ්‍රී ලංකාව නියෝජනය කළ චිත්‍රපට ද්විත්වයකට ජගත් සම්මාන 4ක් හිමිව ඇත.

ලාස්වේගාස් හි සැන්ටා බාබරා නගරයේ ඓතිහාසික ලොබෙරෝ රඟහලේ දී ඉකුත් 24 වැනිදා සිට 28 වැනිදා දක්වා පැවැති මෙම උළෙලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදුණු සංජය නිර්මාල්ගේ ‘‘සිඩ්ස්’’ (Seeds) චිත්‍රපටයට සම්මාන දෙකක්ද Afdhel Aziz අධ්‍යක්ෂණය කළ "The genius of the place” චිත්‍රපටයට සම්මාන දෙකක් ද හිමිවිය. ඒ අනුව උළෙලේ හොඳම සංස්කරණයට හිමි සම්මානය Paul Vu සහ Hagden Blazටද, හොඳම නිර්මාණ සැලසුම් සම්මානය සුනෙත් මාලිංග ලොකුගේට ද grand Prix සම්මානය Afdhel zizට ද හිමිවීම විශේෂත්වයකි.

මෙවර මෙම උළෙල සඳහා රවිඳු ප්‍රනාන්දුගේ “Pieta’’ කෙටි චිත්‍රපටය ද තරග වැදුණි. ‘‘සීඩ්ස්’’ චිත්‍රපටය හොඳම නළුවා, නිළිය, හොඳම සහාය නළුවා හා හොඳම චිත්‍රපටය යන සම්මාන සඳහා නිර්දේශ වී තිබිණි. ජයග්‍රාහකයන්ට සම්මානය සමග කැලිෆෝර්නියාවේ ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සහතිකය ප්‍රාන්ත සභාව මගින් පිරිනැමීම විශේෂ සිදුවීමක් ලෙස සැලකේ.



අදහස් (1)

අපේ චිත්‍රපට දෙකකට සම්මාන හතරක්

Chamila Fernando Wednesday, 01 November 2023 11:21 AM

නියමයි, හදපිරි සුබපැතුම්...! 

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 965 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site