IMG-LOGO

අපි දෙපැත්තක හිටියත් දේශපාලන වෛරයක් තිබුණේ නෑ

(අංජුල මහික වීරරත්න)

දෙපැත්තක දේශපාලනය කළත් අප අතර පෞද්ගලික වෛර තිබුණේ නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අභාවප්‍රාප්ත ලොහාන් රත්වත්තේ  මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් කීය.

ලොහාන් රත්වත්තේ  මහතාගේ දේහය තැන්පත් කර ඇති මහනුවර මහයියාවේ නිවසට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව දැක්වීය.

"මම ඒ කාලේ ඉඳන්ම ලොහාන් රත්වත්තේ  මැතිතුමා ගැන දන්නවා.අපි දෙපැත්තෙ ඉඳන් දේශපාලනය කළා.නමුත් අප අතර පෞද්ගලික වෛරයක් තිබුණේ නෑ.එමෙන්ම මා ජනාධිපති සමයේ එතුමා වැවිලි ක්ෂේත්‍රයේ ඇමතිවරයා ලෙස කටයුතු කළා. ඒ කටයුතු හොඳින් කළා.එතුමාට හොඳ දේශපාලන අනාගතයක් තිබුණා. නමුත් දෛවයේ හැටි මේක තමයි යනුවෙන්ද රනිල් වික්‍රමසිංහ මහතා එහිදී කීය.



අදහස් (10)

අපි දෙපැත්තක හිටියත් දේශපාලන වෛරයක් තිබුණේ නෑ

Pradeep Kumara Sunday, 17 August 2025 02:23 PM

ඔව් ඔව්.. දෙගොල්ලෝ අතරේ කිසිම විරසකයක් තිබුනේ නෑ, තියනවා කියලා ජනතාවට පෙන්නුවාට. ඒ නිසානේ චණ්ඩිකම් පෙන්වමින් හැසිරුනේ.. කිසි ගැටළුවක් නැතුව ඉන්න පුළුවන් වුනේ.. සොබා දහම ඔය අපූරුවට දඬුවම් දෙන්නේ.. අනිත් අයත් සූදානමින් ඉන්න...

:       66       61

ටිල්වින් සීයාSunday, 17 August 2025 02:48 PM

ඔව්, සොබාදහම දඬුවම් දෙයි කියන බය අපිටත් තියෙනවා. අපේ හිටපු ගෝනිබිල්ලෝ, දාර පච වපුරපු අය, ඩෝබිලා මේ සේරම දවසක ලොවෙත් නැතිවෙන්න කෙලවෙයි කියන බයෙන් තමයි ඉන්නේ...

:       27       76

පොඩිඑකාSunday, 17 August 2025 05:05 PM

ඔව් ඔව්, හැබෑම නේන්නං, තමංගේ පැත්තේම හිටපු එවුන්ට තමයි බල තන්හාවට වෛර කරලා යසට තිබ්බ පක්ෂෙත් කාබාසිනියා කලේ...

:       21       13

වින්සන්ට් කජ්ජා Sunday, 17 August 2025 02:36 PM

කරුමේ කියන්නේ මීට සෑහෙන කාලෙකට කලින් යන්න තිබුණු අය තවම ඉන්නවා. ඒ වගේම තාමත් රටේ සල්ලි කනවා...

:       15       47

යෝගා Sunday, 17 August 2025 02:36 PM

වෛරයේ උපත ජේවීපී. කාඩර්ලටත් වඩා වෛරයකින් පෙලෙන්නේ කුලියට ලියන අය. හැබැයි ඔවුන්ගේ වෛරය කවුරුත් ගණන් ගන්නේ නෑ. නිකන් පච වෙනවා.

:       42       131

ප්‍රියා Sunday, 17 August 2025 03:07 PM

බෙදාගෙන බංකොලොත් කරපු අය හොඳයි. විවේචන කරපු අය නරකයි. ඔක්කෝම යාළුවෝ මල්ලී.

:       66       24

Shantha Sunday, 17 August 2025 02:41 PM

ඕක කියන්න දෙයක් නෑ. අපි දන්නවා ඔහෙලා ඔක්කොම එක වල්ලේ පොල් කියලා. ඒකනේ රටම බංකොළොත් කළේ... අන්තිමට ජනතාව පයින් ගහලා එලෙව්වේ...! ඒකවත් තේරුම් ගන්න දැන්වත්...

:       50       25

Nickon Sunday, 17 August 2025 03:08 PM

ඔක්කොම යාලුවෝ මල්ලී කියලා රන්ජා කියන්නේ ඒකනේ. උං ඒ කොණෙන් කෑවා, මෙයා මේ කොණෙන් කෑවා. බොරුවට කජු කකා පාර්ලිමේන්තුවේ ගෝරි දාගත්තා. බඩට කොස්පොතුවත් නැති මහජනයාට පේන්න. දෙගොල්ලන්ම තර වුණා. මෝඩ මහජනයා කොර වුණා...

:       46       23

Perera Sunday, 17 August 2025 03:13 PM

දෙපැත්තකට වෙන්නේ කොහොමද? සිලින්ඩරෙන් තරග කරපු මෙයා වෙනුවෙන් ස්ටේජ් වල කතා කළේ නෑ...

:       33       12

tissa Sunday, 17 August 2025 03:36 PM

ඔය හින්දා තමයි කොයි පැත්ත ආවත්, අපි දෙගොල්ලෝ ආරක්ෂා වෙලා හිටියේ...

:       30       24

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site