තමන් කිසිම අවස්ථාවක ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය නොකළ බවත්, ඇමෙරිකාවෙන් එල්ල වන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් ඉරාන ජනාධිපති අවධාරණය කර ඇත.
ට්‍රම්ප් ජයග්‍රහණය කළේ පසුගිය නොවැම්බර් මාසයේ පැවැති ඇමෙරිකන් ජනාධිපතිවරණයෙනි. ඊට පෙර, ජනාධිපතිවරණ රැලි අතරතුරේ ට්‍රම්ප් වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ ගැනුණි.
ඉකුත් ජූලි මාසයේ පෙන්සිල්වේනියා ජනපදයේ බට්ලර් නුවර එළිමහන් වේදිකාවක ජනරැළියක් අමතද්දී, ට්‍රම්ප්ට එල්ල වුණු වෙඩි ප්‍රහාරයෙන් ඔහුගේ කන් පෙත්ත ද තුවාල විය. ආරක්ෂක අංශ සාමාජිකයන් වහා ක්‍රියාත්මක වී වෙඩි තබා ට්‍රම්ප්ට වෙඩි තැබූ පුද්ගලයා මරා දැම්මේය.
මෙම ඝාතන සිද්ධි සම්බන්ධයෙන් සීක්‍රට් සර්විස් ජනාධිපති ආරක්ෂක අංශයට දෝෂාරෝපණ එල්ල විය. ඒ, ට්‍රම්ප්ට නිසි ආරක්ෂාවක් ලබා නොදුන් බවටය. ට්‍රම්ප් ඝාතන කුමන්ත්‍රණ සම්බන්ධයෙන් එෆ්.බී.අයි. කාර්යාංශය මැදිහත් වී විමර්ශන සිදු කළ අතර, එහිදී එම කුමන්ත්‍රණ පසුපස ඉරානය සිටිනවා යැයි අනාවරණය කළේය.
ට්‍රම්ප් ඝාතන කුමන්ත්‍රණයේ සැකකරුවන් ලෙස, ඉරාන විප්ලවීය හමුදාවට සම්බන්ධ ඉරාන ජාතිකයන් කීප දෙනකු හඳුනාගෙන ඇති බව ද එෆ්.බී.අයි. පරීක්ෂකයෝ වැඩි දුරටත් පැවැසූහ.
එල්ල වන මෙම චෝදනා සම්බන්ධයෙන්, ඉරාන මධ්‍යස්ථමතධාරී ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන්, පවසා ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන කුමන්ත්‍රණයට ඉරානයේ කිසිදු සම්බන්ධයක් නැති බවත්, ට්‍රම්ප් ඝාතනය කිරීමට ඉරානයට කිසිදු ඕනෑකමක් නැති බවත්ය.
ට්‍රම්ප් පළමු වරට ඇමෙරිකන් ජනාධිපති ධුරයේ කටයුතු කරද්දී, ඉරාන විප්ලවීය හමුදාවට සම්බන්ධ අතිරේක හමුදා බලඇණියක් ලෙස ද සැලකෙන කුද්ස් බලඇණියේ ප්‍රධානී ජනරාල් කසීම් සුලෙයිමානී ඝාතනයට අණ දුන්නේය. සුලෙයිමානී ඝාතනයත් සමඟ ඉරාන විප්ලවීය හමුදාව ට්‍රම්ප්ගෙන් පළිගන්නා බවට ප්‍රතිඥා දුන්නේය.
ඉරානය බිය පළ කරන්නේ, ට්‍රම්ප් ලබන 20 වැනිදා දිවුරුම් දීමෙන් පසු ඊශ්‍රායලය සමඟ එක් වී, ඉරානයට එරෙහිව දැඩි තීන්දු තීරණ ගනු ඇති බවටය. ඇමෙරිකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ට්ඉරාන ජනාධිපතිවරයා උත්සාහ ගන්නේ මේ නිසාය.
(ඒ.එෆ්.පී.)
මෙක්සිකෝ බොක්ක ’’ඇමෙරිකා බොක්ක’’ ලෙස නිල වශයෙන් නම් කරමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ සඳහා වන විධායක නියෝගයට අත්සන් තබා ඇත.
අනූපම මංගල වික්‍රමාරච්චි මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු වේරහැර රියදුරු බලපත්‍ර අංශයේ කොමසාරිස්වරයා ලෙස වැඩ ආරම්භ කළේය.
සිංහල හා හින්දු අලුත් අවුරුදු කාල සීමාවේ දී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඛණ්ඩව සැපයීම හා එම භාණ්ඩ මිල පාලනයක් සහිතව තබා ගත යුතු බව ආහාර ප්‍රතිපත්ති හා සු
කොටහේන බෙනඩික් මාවතේදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු අතරින් එක් පුද්ගලයෙකු සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකුත් තුවාල ලබා රෝහල් ගත
ඕස්ට්‍රේලියාවට එරහෙිව අනිද්දා (12) ආරම්භ වන තරග දෙකකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා එක්දින සංචිතයේ වේග පන්දු යවන
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අග්‍ර
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අපි ට්‍රම්ප් මරන්න හැදුවේ නෑ - ඉරානය