අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග අයදුම්පත් භාරගැනීම මැයි මස 31 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබුණත් ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් එය ජූනි මස 10 වැනිදා දක්වා දීර්ඝ කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
ආපදා තත්ත්වය හේතුවෙන් දරුවන් 63,318 ක් පමණ පීඩාවට පත් ව සිටින අතර සබරගමුව පළාතේ පාසල් දරුවන් 28 දෙනෙකු නායයෑමෙන් මිය ගොස් ඇති බව ද අමාත්‍යවරයා ස`දහන් කළේය.
විපතට පත් දරුවන්ට අවශ්‍ය පාසල් පෙළ පොත්ල නිල ඇ`දුම් හා අභ්‍යාස පොත් ලබා දීම හෙට (27) සිට ආරම්භ කරන බව ද අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
එම දරුවන්ගේ විනාශ වූ පෙළ පොත් වෙනුවට ලබාදීම ස`දහා පෙළපොත් අලූතෙන් මුද්‍රණය කිරීමටද උපදෙස් දී ඇති බව කී අමාත්‍යවරයා එම එක් දරුවෙක් වෙනුවෙන් නිල ඇ`දුම් කට්ටල දෙක බැගින් ලබාදීමට කටයුතු කරන බව ද ප‍්‍රකාශ කළේය.
පීඩාවට පත් දරුවන්ට ලබාදීම සඳහා පාසල් බෑග්, පොත්පත් ඇතුළු අධ්‍යාපන උපකරණ රැසක් විවිධ සංවිධාන හා පුද්ගලයින් විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත භාර දී ඇති බව කී අමාත්‍යවරයා ඒවාද කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන් හරහා අවශ්‍යතා පරිදි දරුවන්ට ලබාදීමට කටයුතු කරන බව ඇමතිවරයා කීවේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.