(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර නගරයේ ස්ථාන කිහිපයක සැරි සරන ලද යාචකයන් 81 දෙනෙකු නිරෝධායනයට ලක් කිරිමට අද (08) දින පියවර ගත් බව අනුරාධපුර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් රැවන් විජේසිංහ මහතා පැවසිය.
අනුරාධපුර පුජා නගරයේ සිංහ කුළුන ආසන්නයේ රැදි සිටි යාචකයකුට කොරෝනා වයිරසය වැළදිමේ හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,සෙෘඛ්‍ය අංශ,පොලිසිය,යුධ හමුදාව,නගර සභාව විසින් නගරයේ යාචකයන් සියළු දෙනා නිරෝධායනයට ලක්කිරිමට මෙසේ පියවර ගෙන තිබුණි.
මෙම යාචකයන් සියළු දෙනා රඹෑව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පරසන්ගස්වැව,කාටුපුලියන්කුලම පාසලේ රදවා දින 14 කාලයක් නිරෝධායනය කිරිමට පියවර ගන්නා බව අනුරාධපුර නගර සභාවේ ප්‍රධාන මහජන සෙෘඛ්‍ය පරික්ෂක බණ්ඩාර මහතා සදහන් කළේය.
මෙම යාචකයන් දින 14 ක් නිරෝධායනය කිරිමෙන් පසුව ඔවුන් පිසිආර් පරික්ෂණයකටද ලක්කිරිමට නියමිතය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අ’පුරේ යාචකයෝ 81 නිරෝධායනයට
සෙනවි Sunday, 08 November 2020 12:15 PM
යාචකයෝ නම් කුසගින්නේ ඉන්න බවක් පේන්නේ නැහැ.
R m c රාජසිංහ Sunday, 08 November 2020 01:31 PM
ඒක ගොඩක් හොඳයි... හරිම භයානක තත්වයක් රටේ තියෙන්නේ... හැමෝම අවදානෙන්, පරිස්සමින් ඉන්න බුදුසරණයි මගේ රට...
Jaga Sunday, 08 November 2020 01:41 PM
මොන යාචකයෝද? හොඳ හයේ හතරෙ අයනේ...
නෙවිල් Monday, 09 November 2020 02:14 AM
ඇඟපත දිහා බැලුවා නම් පෙනෙන්නේ යාචකයින් නොවෙයි, හොඳට වැඩපළ කරන්න පුලුවන් අය වගේනේ...
අබිලින් Monday, 09 November 2020 02:21 AM
තම ශ්‍රමයෙන් රටට, ජාතියට සේවයක් කළහැකි මොවුන් කුමන හෝ ඵලදායි වැඩකට යෙදිය නොැකිද? අනුරාධපුරයට පැමිණෙන වන්දනාකරුවන්ට හිරිහැර වනසේ හැසිරෙන මොවුන් සමූහ ගොවිපලවල් ඇතිකර හෝ එළිමහන් සිරිකඳවුරු වල හෝ ඵලදායක සේවයක යෙදවීමට කටයුතු කරන්න..