IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


අ’පුර අනතුරේ සැරයන්වරු දෙදෙනාගේ වැඩතහනම්

(අතුල බණ්ඩාර)
 
අනුරාධපුර - පුත්තලම ඒ 4 ප්‍රධාන මාර්ගයේ  බුලංකුලම  ප්‍රදේශයේ දී  ඊයේ (26) තරුණියන්  දෙදෙනෙකුට  දිවි අහිමි කළ රිය අනතුර සම්බන්ධයෙන්  පරික්ෂණ සිදුකරන අනුරාධපුර  පොලිසිය, එම තරුණියන් යට කළ හරක් ලොරිය පසුපස කැබ්රථයකින් පන්නාගෙන ගිය පොලිස් සැරයන්වරු දෙදෙනාගේ  වැඩ තහනම් කර ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ  ජයනි චතුරිකා ජයකොඩි (32) සමාධි නවෝදනා ජයකොඩි (29) එකම පවුලේ අක්කා නගෝ වෙති.



අදහස් (27)

අ’පුර අනතුරේ සැරයන්වරු දෙදෙනාගේ වැඩතහනම්

Jayampathi Friday, 27 October 2017 12:17 PM

මේක නූතන කැකිල්ලේ තීන්දුවක්නේ. මීට පස්සේ අපරාධකාරයින් ලුහුබැඳීම පොලිසිය විසින් නොකර ඉඳියි.

:       57       299

KamalFriday, 27 October 2017 02:11 PM

වැඩ තහනම් කලේ අනතුර සිදුවනු දැක මාරු වී යාම නිසාය

:       7       189

ජගත් ලියනගේ Friday, 27 October 2017 02:48 PM

පස්සෙන් එලෙව්ව එකේ වරදට නෙවෙයි වැඩ තහනම් කරේ. අනතුර දැකල , රාජකාරි නොකර මාරු වෙලා ගිය එකට .

:       0       203

janahitha Friday, 27 October 2017 07:58 PM

කරුණු නොදැන අදහස් පල නොකරන්න. මේ ලොරිය පසුපස පන්නගෙන ආපු මේ නිලදාරීන් පළමුව මෙය තවත් රථයක ගැටෙනු දුටුවා. තව දුරටත් පන්නගෙන යාම අනෙක් අයට අනතුරු දායක බව දැන දැනත් අවට පොලිස් ස්ථාන වලට නොදන්වා පන්නාගෙන ගොස් ඇත. දෙවනුව මේ තරුණියන් දෙන්නා යටවනු දැක වහාම තම වාහනය හරවාගෙන පලා ගොස් ඇත. තමන් නිසා ජීවිත දෙකක් නැති උන බව දන්නා නිසාය. නැතිනම් තුවාලකරුවන් එම වාහනේම රෝහලට ගෙන යාමත් ලොරි රියැදුරා අත් අඩංගුවට ගැනීමත් කරන්න තිබුණා. අසල තිබුන සි සි ටි වී කැමරාවේ සියලු දේ සටහන් වී ඇත.

:       0       43

sathyapalaSaturday, 28 October 2017 03:37 AM

මාරුවෙලා ගිය එකටත් හේතුවක් ඇති. මේ වගේ ලුහුබැඳයාමකදී සියලුම පොලිස් ස්ථාන වෙත රේඩියෝ මගින් දැනුම් දෙනවා. ඒත් එසේ නොකර පන්නන්නේ අහු වුනාම පගාවක් අරන් යවන්න හිතාගෙනයි. මෙන්න මේ හේතුව නිසයි වැඩේ ගැස්සුනා කියලා මාරුවෙලා තියෙන්නේ.

:       0       57

JayampathiSaturday, 28 October 2017 06:52 AM

එ්ක මිසක්, ඉතින් මම දන්නේ නැහැනේ පොලීසිය පැනලා ගියා කියලා, මම අදහස් පල කලේ පලවෙලා තියෙන පුවත අනුවයි "හරක් ලොරිය පසුපස කැබ්රථයකින් පන්නාගෙන ගිය පොලිස් සැරයන්වරු දෙදෙනාගේ වැඩ තහනම් කර ඇත."

:       1       18

PA-RA Friday, 27 October 2017 12:32 PM

තම බලය හා රාජකාරිය ඉක්මවා යාම සහ අයුතු බලය, ලඟම තිබෙන පොලිසියට අයි දන්වන්න බැරි? අලුත් තාක්ෂණය තියන පොලිසියට මොවුන් අගෞරව කර තිබේ. පොලිස්පතිතුමා ඉතා සාධාරණයි.

:       242       94

samanFriday, 27 October 2017 01:02 PM

මම හිතන්නේ පැරා ලංකාවේ නෙවේ ඉන්නේ. ඕක නිව්යෝක් වල වුණානම් ඔය කියනදේ කරන්න තිබුණා. කරුමෙට වුණේ ලංකාවේ අනුරපුරේ පැත්තේ. අනතුරක් වුණාට පස්සේ ඔහොම කිව්වට දැන් ඔය පොලිස් නිලධාරින් දෙන්න ඔය හොරහරක් පටවපු වාහනේ පස්සේ ආවේ නැත්නම් උන් අනේ මේන් කියල ඔය පාරේම ගිහින් අනෙක් පොලිසියට අහුවෙයි නේද?

:       0       14

sas Friday, 27 October 2017 01:44 PM

මෝඩ තීරණයක්.

:       994       10

Hasitha Friday, 27 October 2017 01:45 PM

මේ පොලිස් දෙදෙනා අනතුර වෙනවා දැකල මාරු වෙලා ගිහින් .. ඒක නිසා තමා වැඩ තහනම

:       16       341

nimallaitha Friday, 27 October 2017 01:50 PM

හරක් ජාවාරම්කරු ගේ පිටුපස දේසපාලන හස්තයක්ද

:       2       62

Achini Friday, 27 October 2017 02:15 PM

මේ පොලිස් දෙදෙනා අනතුර වෙනවා දැකල මාරු වෙලා ගිහින් .. ඒක නිසා තමා වැඩ තහනම

:       2       91

Saman Friday, 27 October 2017 02:18 PM

අපි ඕන තරම් අහල තියෙනවා නේද රිය අනතුරක් වුනාට පස්සේ ඒක දැක්කෙ නෑ වගේ වාහන පහුකරගෙන ගියා කියල ප්‍රවෘත්ති වල. මට නං එව දැක්කාම හිතෙන්නේ අනිත් වෙලාවල හොඳට උදව් කරන්න ඉදිරිපත් වෙන මිනිස්සු ඒ වෙලාවේ ඇතිවෙන ක්ෂණික තැතිගැන්ම හින්ද දැන් කරන්න ඕන මොකක්ද කියල හිතාගන්න බැරිව එතනින් ඉවත් වෙනවා. පස්සේ ඒ ගොල්ලෝ කනගාටු වෙනවා තමන් කරපු දේ ගැන. ඒක හින්දා ඔහොම ලොකු ජිවිත හානියක් වෙන දෙයක් තමන්ගේ ඇස් ඉදිරිපිට දැක්කහම ඒ මිනිස්සු දෙන්නත් මොකුත් හිතාගන්න බැරිව හැරිල එන්න ඇති. බොහෝ විට මේවගෙ දෙයක් දැක්ක පලමු අවස්ථාව වෙන්නත් ඇති. මොනවා වුනත් මේ මරණ වලට නියමින් හෝ අනියමින් හරක් මස් කන මිනිස්සුයි හරක් ප්‍රවාහනය කරන්න අනුබල දුන්න මිනිස්සුයි වගකියන්න ඕන.

:       0       14

samFriday, 27 October 2017 08:19 PM

සමන් , මේ පොලිස් නිලධාරීන් දෙන්නා ලොරිය පස්සෙන් එලෙව්වේ නීතිය ක්‍රියාත්මක කරන්න නොවයි

:       0       3

mawella Friday, 27 October 2017 02:35 PM

මේක පුදුම පොලිසියක්.

:       24       3

kiribanda Friday, 27 October 2017 03:40 PM

හරක් මස් ගෙනියන්නේ මුස්ලිම් ජනතාවට කන්න. එක දවසක් හරි ගව මස් හිඟයක් ආවොත් අපේ ලොක්කන්ට දුක හිතෙනවා. ඒ තරමට ලොක්කෝ මේ අයට ආදරෙයි. එකයි පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කලේ.

:       19       4

Anton Austria Saturday, 28 October 2017 03:42 AM

කිරි බණ්ඩා... වෙත, හරක් මස් කන්නේ මුස්ලිම් අය නම් ඇයි මෙතරම් සිංහල අය හරක්මස්, කොත්තු රොටි කන්නේ. අනික හරක් හදන්නේ ගම්වල මිනිස්සු ඇයි සල්ලි වලට විකුණන්නේ තමන්ගේ දරුවෝ වගේ බලාගන්න පුළුවන්නේද? හැමෝම ගැමියෝ නැතිවුණාට හුඟක් අය ඔය විදිහයි. අපේ අය හරක්මස් කන එක නැවතුනොත් ප්‍රශ්නය විසඳෙනවා 40% ක්වත්...තමන්ගේ වැරදි හදාගත්තා නම් ඔක්කොම හරි...

:       0       53

dhamneth Friday, 27 October 2017 04:50 PM

අනතුර සිදුවීමෙන් මේ පොලිස් නිලධාරීන්ට පහසුවක් නේද වුණේ? තමන් ලුහුබැඳ ගිය ලොරි රථයේ රියදුරා අල්ලාගැනීමට පහසුවක් වුණේ.

:       14       1

lawrenceSaturday, 28 October 2017 04:01 AM

ධම්නෙත් - ඔයා මේ ලොරියේ පටවලා හිටපු 18 දෙනාගෙන් කෙනෙක්ද කියලා හිතෙනවා. තරුණ ජීවිත දෙකක් අහිමිවෙලා තියෙද්දි මෙහෙම උම්බෑ කියන්නේ..

:       17       62

නයනා සුන්දරී ගල්ගමුව Friday, 27 October 2017 08:59 PM

ඇත්තටම ලොරිය හඹා ආවද? එහෙම නැතිව ලොරියට ආරක්ෂාව සපයමින් ආවද? කියා සැකයක් ඇතිවෙනවා. පොලිසිය පලායාමෙන් මෙවැනි හොර හරක් ප්‍රවාහනයට පොලීසිවල අතලොස්සක් සහය වනබව අහලා තියෙනවා.

:       0       2

rocky Saturday, 28 October 2017 12:56 AM

මස් සඳහා හරකුන් මැරීම මුළුමනින්ම තහනම් කල යුතුයි. මස් කන්නම ඕන මිනිසුන්ට දඩාවතේ යන සුනඛයන් මරාගන කන්න කියමු !

:       1       0

ranjith Saturday, 28 October 2017 01:31 AM

අපෝ මෙයාලා හරක් ලොරි වලින් නීතිය අකුරටම ක්‍රියාත්මක කරනවා. මාදම්පේ පැත්තේ කතාවට මිනිස්සු කියන්නේ ගොම ගඳට පොලිස් කාරයා පාරට එනවා කියලයි.

:       0       1

Rajeev Saturday, 28 October 2017 03:03 AM

මේ අයට නීතියෙන් දඬුවම් දෙන්න ඕනේ. හොරහරක් කියන්නේ ලයිසන්ස් පිළිබඳ ප්‍රශ්නයක්. එ්කට මිනිස්සු මරන්න අයිතියක් නැහැ. ඇයි ඉස්සරහින් නවත්තන්න තිබුණනේ? එහෙම කළොත් පගාව නැතිවෙනවනේ, එකී හරවන් ගිය පොලිසියව වෙන රටවල නම් එල්ලා මරනවා..

:       1       0

hemal Saturday, 28 October 2017 03:21 AM

මේ පොලිස් නිලධාරීන් දෙදෙනා අනතුර වෙනවා දැකල මාරු වෙලා ගිහින් .. ඒක නිසා තමයි වැඩ තහනම... මේ ටික නොකළේ මන්ද? මේ නිසා විනයගරුක නිලධාරීන් අධෛර්යමත් වෙනවා .

:       0       0

hesa Saturday, 28 October 2017 11:07 AM

වැඩ තහනම් කළ එක නම් හොඳයි. ඔව්, සැනෙන්ම වාර්තා කරන්නේ සම්පූර්ණයෙන්ම ඡනතාවගේ අදහස් විකෘති වන ලෙසටනේ. හොරු අල්ලා තවත් තරුවක් උර හිසේ පැළඳ ගන්න හෝ හොරුන් අල්ලා කප්පම් ගැනීමට.... අනික් කරුණ අනතුරක් දුටුවිට ඡනතාව ඉදිරිත් වන්න බයයි. ඒ ලෙඩා රැගෙනයන අයට පසුව ඇති වන කරදර නිසා. පොලිසියට කට උත්තර දීම ඊටත් වඩා නිතරම උසාවි ගානෙ රස්තියාදු වීමට සිදුවීමත් නිසා...

:       0       0

pushpalatha Saturday, 28 October 2017 03:40 PM

පස්සෙන් පන්නන්න ඇත්තේ අත්අඩංගුවට ගන්න නෙවෙයි. ගාන කපන්න වෙන්න ඇති... ඒකනේ හිමින් මාරු වෙලා ගියේ.

:       0       0

Suranga Saturday, 28 October 2017 03:57 PM

මෙහෙමත් නිව්ස් පලකරලා ජනතාව නොමග යවන්න එපා. නිව්ස් එකද? නැත්නම් කොමෙන්ට්ස්ද අපි පිළිගන්න ඕනේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මැතිවරණ රාජකාරිවලට ආ කතක් මරුට
2025 මැයි මස 05 451 0

පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණ


හෙට ඇරැඹෙන එ.ජා වෙසක් උළෙලේ ප්‍රධාන දෙසුම ජනපතිගෙන්
2025 මැයි මස 05 114 0

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එ


ඡන්දපොළ ඡායාරූප ගැනීම වීඩියෝ කිරීම තහනම්
2025 මැයි මස 05 68 0

ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම


ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් රටවල් අතර 4 වැනි තැනට
2025 මැයි මස 05 461 0

ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.


වැලිකඩ බන්ධනාගාරයේ කාණුවක් රිවෝල්වරයක්
2025 මැයි මස 05 472 0

වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන


දේශබන්දුට ඇති තර්ජන ගැන CID පරීක්ෂණයක්
2025 මැයි මස 05 164 0

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 718 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 186 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1226 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site