IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


‘අපරාධකරුවන් බිහිකරන සමාජ විශමතාව හඳුනාගත යුතුයි‘ - ජනපති

දරුවන් විභාගවලින් විශිෂ්ට ලෙස සමත් වුවත් විනය අතින් පිරීහීමක් තිබෙන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (27) රත්නපුරයේ දී පැවසීය.

රත්නපුර ෆර්ගසන් උසස් බාලිකාවේ සියවස් සැමරුමට එක්වෙමින් ජනපතිවරයා කීවේ එක් අයෙක් විශිෂ්ටයෙක් විදියට ජයග‍්‍රහණය කරන්නත් තවත් දරුවෙක් බරපතල අපරාධකරුවෙක් බවට පත්වෙන්නත් හේතුවූ සමාජ විෂමතාවය අප විසින් පැහැදිලිව හඳුනාගත යුතු වන බවයි.
‘මේ ඉරිදා එක් ජාතික පුවත්පතක කතු වැකිය මගේ මතකයට එනවා. එහි සඳහන් වුණේ මේ රටේ පාසල් වල දරුවන්ගේ විනය පිළිබඳවයි. මම එය දෙවැනි වරටත් කියෙව්වා. මේ රටේ පාසල් දරුවන් විභාග වලින් සමත්වීම විශිෂ්ටයි. නමුත් සමාජය තුළින් එන තොරතුරු ආශ්‍රිත කරුණු සැලකිල්ලට ගත්විට පාසල් දරුවන්ගේ විනය පිරිහීම පිළිබඳ ප‍්‍රශ්නයක් තිබෙනවා.‘ යයි කී ජනපතිවරයා මෙසේ කීවේය. 
‘මිහින්තලයේ පාසලක 11 වසරේ සිසුන් එහි ශිෂ්‍යයකුගේ උපන් දිනය සැමරුවේ පාසල් වේලාවේම විද්‍යාලයීය ක‍්‍රීඩාංගණයේ අරක්කු බෝතලයක් කඩා බීගෙනයි. මීට දින කිහියකට පෙර මාධ්‍ය තුළින් ඔබ දැක්කා බොරැල්ලේ බාලිකා විද්‍යාලයකට කොළඹ පිරිමි පාසලක සිසුන් බලහත්කාරයෙන් ඇතුළු වී සිදු කළ කලබලයක් පිළිබඳව. අද අධි තාක්ෂණික ලෝකයේ විවිධ ක්ෂේත‍්‍ර වල විශිෂ්ටයින් බිහිවන්නා සේම අපේ රටේ පමණක් නොවෙයි ලෝකයේ බොහෝ රටවල් වල පාසැල් වල ඉගෙන ගන්නා දරුවන් තමයි බරපතල අපරාධකරුවන් බවට පත්වෙන්නේ. 
ක‍්‍රීඩාව තමයි විනය ගොඩනගන ප‍්‍රධාන ස්ථානය වන්නේ. පාසැලේදී ලබාගන්නා දැනුම තුළින් විභාග ප‍්‍රතිඵල ලබාගන්නා හා සමානව ජීවිතය සමත්වීමේ අභියෝගය අප විසින් බාරගත යුතු වෙනවා. මුදල් වහල් වූ ලෝකයක, සල්ලි පිළිබඳ විශ්වාසය තබන ලෝකයක, මිනිසුන්ට වඩා සල්ලි පිළිබඳ කතාකරන මිනිසුන් සිටින ලෝකයක අභියෝග අප තේරුම් ගත යුතුයි‘ යයිද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 



අදහස් (0)

‘අපරාධකරුවන් බිහිකරන සමාජ විශමතාව හඳුනාගත යුතුයි‘ - ජනපති

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31347 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13565 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 965 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site