IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


අප්‍රිකාවේ වඳුරු උණ වයිරස ව්‍යාප්තිය දරුණුයි

අප්‍රිකා රටවල ‘එම්පොක්ස්’ හෙවත් ‘වඳුරු උණ’ වයිරස ව්‍යාප්තිය සම්බන්ධයෙන්, හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගත්තේය. ඒ, ‘එම්පොක්ස්’ හෙවත් ‘වඳුරු උණ’ ව්‍යාප්තිය, ගෝලීය මහජන සෞඛ්‍යයට තර්ජනයක් වීමට ඉඩ ඇතැයි බිය පළ කරමිණි.

අප්‍රිකා රටවල, මේ වනවිට ව්‍යාප්ත වෙමින් පවතින්නේ ‘එම්පොක්ස්’ වයිරසයේ නව ප්‍රභේදයකි. මෙම ප්‍රභේදය බිහිසුණු බව පැවැසෙයි. නව ප්‍රභේදය රටවල් 13 කට පැතිරී ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. එම රටවල් අතරින් වඳුරු උණ ව්‍යාප්තිය දරුණුවට සිදුවන්නේ කොංගෝ ජනරජයේය. 

‘එම්පොක්ස්’ නව ප්‍රභේදය හමුවී ඇත්තේ බුරුන්ඩි රාජ්‍යය, කෙන්යාව, රුවන්ඩාව සහ උගන්ඩාව යන අප්‍රිකා රටවලිනි. මේ වනවිට මෙම නව වයිරස ප්‍රභේදය ආසාදනය වූ 450 දෙනකු පමණ මියගොස් ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

‘අප්‍රිකා රටවල ව්‍යාප්ත වන ‘එම්පොක්ස්’ නව ප්‍රභේදය ගැන අප කනස්සල්ල පළ කරනවා. එය ගෝලීය අවධානමක් ඇති කිරීමට අප ඉඩ දෙන්නේ නැහැ’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හම් ගෙබ්‍රියේසිස්, සිය එක්ස් ගිණුම ඔස්සේ පවසා ඇත.

‘වඳුරු උණ’ වයිරසය පළමුවෙන් හඳුනා ගැණුනේ 1958 වසරේ දී අප්‍රිකානු වඳුරන්ගේ සිරුරුවලිනි. ‘වඳුරු උණ’ යනුවෙන් එය හැඳින්වෙන්නේ ද ඒ නිසාය. වඳුරන් පමණක් නොව, මීයන්, ඌරු මීයන්, ලේනුන් ආදී ක්ෂීරපායී සතුන් හරහා ද මෙම වයිරසය මනුෂ්‍යයන්ට ව්‍යාප්ත වෙයි. ‘වඳුරු උණ’  පැපොල (චිකන් පොක්ස්) වලට සමානය.

‘වඳුරු උණ’වලින් ආරක්ෂා වීමට ලබා දෙන්නේ පැපොල වයිරසයෙන් ආරක්ෂාවීමට ලබා දෙන වර්ගයේ ප්‍රතිශක්තිකරණ එන්නතකි. එම එන්නත් මේ වනවිට අප්‍රිකා රටවලට ලැබෙමින් පවතින අතර, එන්නත්කරණ කටයුද ආරම්භ වී ඇත. ‘වඳුරු උණ’ රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණය වන්නේ උණ සහ සමේ බිබිලි මතුවීමය.

‘වඳුරු උණ’ බරපතල රෝගයක් නොවන අතර රෝගය ඉක්මනින් සුවවීම හෝ සංකූලතා ඇති වීම හෝ සිදුවන්නේ, සිරුරේ ප්‍රතිශක්තිය අනුවය. ‘වඳුරු උණ’ වයිරස ව්‍යාප්තිය බහුලව සිදුවන්නේ සමලිංගික පිරිමින් අතරේ යැයිද තහවුරු වී තිබේ.

(ඒ.එෆ්.පී.)

 



අදහස් (0)

අප්‍රිකාවේ වඳුරු උණ වයිරස ව්‍යාප්තිය දරුණුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සියයට 62.8 ඡන්දය දෙති
2025 මැයි මස 06 67 0

2024 පලාත් පාලන ජන්ද විමසීම ප.ව. 4.00 ට අවසන් වනවිට දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජන්ද දායකයින්ගෙන් 62.8 % ක් සිය ජන්දය ප්‍රකාශකර ඇති බව, අම්පාර දිස්ත්‍රික් ලේකම් හ


ග්‍රාමාත්‍යවරිය ඡන්දය ප්‍රකාශ කරයි
2025 මැයි මස 06 157 0

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් කෝට්ටේ, මිරිහාන සමෘද්ධි ගොඩනැගිල්ලේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථානයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඡන්දය ප්


රනිල් ඡන්දය ප්‍රකාශ කරයි
2025 මැයි මස 06 172 0

රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ කොලේජ් හවුස් හිදි සිය ඡන්දය ප්‍රකාශ කළේය.


විපක්ෂ නායක ඡන්දය ප්‍රකාශ කරයි
2025 මැයි මස 06 216 0

පළාත් පාලන මැතිවරණය 2025 සඳහා සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ඡන්දය ප්‍රකාශ කිරීම රාජගිරිය කොටුවේගොඩ විවේකාරාම පුරාණ විහාරස්


ඡන්ද විමසීම අවසන්
2025 මැයි මස 06 497 0

පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර එනම් පස්වරු 4.00 ට අවසන් විය.


ජනපති ඡන්දය ප්‍රකාශ කරයි
2025 මැයි මස 06 481 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මරදාන පංචිකාවත්ත අබේසිංහාරාම සයිකෝජි පෙර පාසලේදී අද (06) පස්වරුවේ ඡන්දය ප්‍රකාශ කළේය .


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 776 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 202 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1243 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site