
(හේමලතා ඩී හේවගේ )
පන්නල , දාරලුව ග්රාම සේවා වසමට අයත් කුඹුරු යාය මැදින් ගලා බසිනා ඇළ මාර්ගයට ප්රදේශයේ පිහිටි පොල් ආශ්රිත නිෂ්පාදන කර්මාන්තශාලාවකින් අප ජලයේ මුදාහැරීම නිසා ඇල මාර්ගයේ සිටි මාළු විශාල ප්රමාණයක් මියගොස් ඇති බව ගොවීහු කියති.
වසර කිහිපයක සිට මෙම කර්මාන්තශාලාවෙන් ඉවත් කරනු ලබන අපජලය නිසා ඇල මාර්ගයේ දෙපස ඇති කුඹුරු විනාශ වී යන බවද ඔවුහු පෙන්වා දෙති.
ඊයේ (18) කර්මාන්ත ශාලාවෙන් මුදා හැරී අපජලය නිසා ඇළ මාර්ගයේ සිටි ජලජ ජීවීන් විශාල ප්රමාණයක් මියගොස් ඇති බවත් එම ප්රදේශය තෙල් තට්ටුවකින් වැසී ගොස් ඇති බවද ගොවි ජනතාව පවසති.
මෙම ගැටළුව සම්බන්ධයෙන් අදාළ බලධාරීන් අවස්ථා කිහිපයකදී දැනුවත් කළ ද මේ වන විටත් එම පරිසර හානිය සිදුවන බව ද කියති.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.