
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මහරගම අපේක්ෂා රෝහලේ සේවකයකු එම රෝහල ආසන්නයේදි මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව නුගේගොඩ මිරිහාන කොට්ඨාස දූෂණ මර්දන ඒකකය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු සෞඛ්‍ය කාර්යය සහයකයකු ලෙස සේවය කරන්නෙකි.
සැකකරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂයකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 500 ක් හා කේරළ ගංජා ග්‍රෑම් 10 ක් පොලිස් බාරයට ගෙන ඇත.
එම රෝහලේ සේවකයකු අයිස් මත්ද්‍රව්‍ය සහ ගංජා පැකට් කර අලෙවි කිරීමේ ජාවාරමක් සිදු කරන බවට නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජනසාන්ත කහටදෙනිය මහතාට ලද තොරතුරකට අනුව සැකකරු රැකියාවට යතුරු පැදියෙන් පැමිණෙමින් සිටියදී ඔහු නවතා සෝදිසි කිරීමේදී කුඩා පැකට් වශයෙන් අසුරා තිබූ අයිස් සහ ගංජා මත්ද්‍රව්‍ය හමුවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
වසර හතක පමණ කාලයක් එම රෝහලේ සේවය කර තිබෙන මෙම සැකකරුගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටින රෝහල් සේවකයන් කීප දෙනකුට සහ පිටස්තර පුද්ගලයන් සඳහා අලෙවි කරන බවට අනාවරණය වී යැයි යැයි පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අපේක්ෂාව භංග කළ අපේක්ෂා රෝහලේ සේවකයා
sharm warn Wednesday, 30 November 2022 02:11 PM
මම හිතන්නේ හැම රෝහලකටම බුද්ධි නිලධාරින් යෙදෙව්වොත් හැම අතින්ම මේ ව්‍යාපාරයේ යෙදිලා ඉන්න අයව අහුවෙයි.. විශේෂයෙන්ම අයිස්...