IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


අනුරලාගේ වත්කම් ඉල්ලා ’’ආර්.ටී.අයි’’ පෝලිමක්

(සුජිත් හේවාජුලිගේ)

ජනාධිපති අනුර කුමාර දිසානායක, වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ ඇතුළු ආණ්ඩුවේ දේශපාලනඥයන්ගේ වත්කම් සහ දේපළ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ  ලබා ගැනීමට  අල්ලස්  හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඉල්ලුම්පත් (RTI) විශාල වශයෙන් ගලා එමින් තිබෙන බව වාර්තාවේ.

මෙසේ තොරතුරු ඉල්ලා ඇති පිරිස අතර දේශපාලන පක්ෂවල නියෝජිතයෝ සහ මන්ත්‍රීවරු පිරිසක්ද ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක්ද වෙති.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ ලේකම් ප්‍රේමසිරි මානගේ මහතා පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණේ වත්කම් බැරකම් ප්‍රකාශ  තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබා ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අයදුම්පත්‍රයක් යොමු කළ බවයි.

එසේම ජනතා විමුක්ති පෙරමුණේ වත්කම් බැරකම් ඉල්ලා මැතිවරණ කොම්ෂන් සභාවටද තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලුම්පත් ගණනාවක් ලැබී ඇත. මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසූවේ  ඒ ඒ පක්ෂවල නියෝජිතයන් ලබා දෙන වත්කම් බැරකම් ප්‍රකාශ  අල්ලස් හෝ  දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට යොමු කරන බවයි.

ඒ තොරතුරු ලබාගත යුත්තේ එම කොමිෂන් සභාවෙන් බවත්  ඒවා ලබාදීමට මැතිවරණ කොමිෂන් සභාවට බලයක් නැති බවත් ඔහු කීවේය.

ආණ්ඩුවේ දේශපාලනඥයන් රැසකගේ වත්කම් බැරකම් ප්‍රකාශ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්වීමෙන් ඒ සම්බන්ධයෙන් සමාජයේ ප්‍රබල කතා බහක් මතුව ඇත.



අදහස් (3)

අනුරලාගේ වත්කම් ඉල්ලා ’’ආර්.ටී.අයි’’ පෝලිමක්

ඒ.එම්.ඒ. කුමාර Saturday, 20 September 2025 12:52 PM

නන්නත්තාර විපක්ෂයට සතියක් දෙකක් ගෙවාගන්න පොඩි චූන් එකක්. මේ මහත්තුරු තමන්ගේ පැත්තේ ඉන්න උපයාගත් ආකාරය ඔප්පු කරගන්න බැරුව ඉන්න අය ගැන මීක් නෑ...

:       14       28

කපුරුහාමි Saturday, 20 September 2025 01:36 PM

හිටපු දූෂිත දේශපාලුවෝ මහාපරිමාණ හොරකම්, වන්චා දූෂණ කරලා, කුඩු ජාවාරම් කාරයින්ට සෙට් වෙලා, සුනාමියෙන් ගසාකාලා අනුන්ගේ දේපළ කොල්ල කාලා හම්බකරගත්තු හැටි දන්නෝ හොන්දාකාරවම දන්නවා.

:       8       20

Arunika Saturday, 20 September 2025 01:53 PM

මොනවද ඉතිං රටවල් විනාශ කරන්න... ආන්ඩු පෙරලන්න, බොරු කියන්න NGO වලින්, දෙමළ ඩයස්පෝරාවෙන් ලැබුණු මිලියන ගණන් සල්ලි තමයි... බිට්කොයින් වල ආයෝජනය කරලා තියෙන්නේ.

:       9       5

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31606 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13988 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11091 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 169 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1099 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site