(ඩයනා උදයංගනී සහ මුදිතා දයානන්ද)
අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන ඒකාබද්ධව පැවැත්වූ පාගමන විසුරුවීම සඳහා පොලීසියෙන් කඳුළුගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කෙරිණි.
මරදාන එල්ෆින්ස්ටන් රඟහල අසලින් ආරම්භ වී ටෙක්නිකල් මංසන්ධිය දෙසට ගමන් ඇරඹූ පා ගමන ටෙක්නිකල් මංසන්ධියේ දී විසුරුවා හැරීම සඳහා ඒ ආසන්නයේ පොලීසිය, කැරලි මර්දන ඒකක සහ ජල ප්‍රහාරක රථ යොදවා තිබුණත් විරෝධතාකරුවන් ගමන් මග වෙනස් කරමින් කොළඹ නගර ශාලාව දෙසට ගමන් කළ අතර, ඉන්පසු ආරක්ෂක අංශ සෞඛ්‍ය අමාත්‍යාංශය ආසන්නයේ දී කඳුළුගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කර විරෝධතාකරුවන් විසුරුවාහැරීමට ක්‍රියා කළහ.
කඳුළුගෑස් හා ජල ප්‍රහාර මධ්‍යයේ විරෝධතාකරුවන් යළිත් ටෙක්නිකල් මංසන්ධිය දෙසට ගමන් කළ අතර, පොලීසිය හා කැරලි මර්දන අංශ ද ඔවුන් පසුපස හඹා යමින් විරෝධතාව විසුරුවීමට කටයුතු කරනු දක්නට ලැබිණි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගනිමින් සිදුකරන මර්දනය නවත්වන ලෙස සහ අත්අඩංගුවට ගත් අරගලයේ ක්‍රියාකාරීන් නිදහස් කරන ලෙස ආණ්ඩුවට බල කරමින් මෙම විරෝධතාව සංවිධානය කර තිබිණි.
(ඡායාරූප හිමත් මතීෂ)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කන්න බොන්න නැතත් අන්තරේට ගහනකොට හිනාවෙන ඕපපාතිකයින්ට හිනාවෙන්න අවස්ථාවක් ඇවිත්...
කඳුළු ගෑස් මොන කෙන්ගෙඩියකටද? දාමු දෙබර කූඩු ටිකක්...!
නිදහස් අධ්‍යාපනය උසස්පෙළ දක්වා පමණක් දෙන්න.. ඉන්පසු විශ්ව විද්‍යාලවල ඉගෙනුමට වාර්ෂිකව අය කරන්න.! එතකොට තමන්ගේ පොකට්ටුවෙන් මුදල් ගෙවනකොට ඒකේ අගය දැනෙන්නේ..! ඒ සඳහා අඩු පොලියකට ඒ මුදල රජයෙන් ලබාදෙන්න... පේනවා නේද බදු ගෙවන්නාගේ මුදලින් මහපොළ-සමෘද්ධිය අරගෙන නටන පෙලපාළි නාඩගම්..! ඉස්කෝලවල උගන්නනවා හරි නැහැ කියලා කවුරුත් ඔය විදියට පෙළපාලි ගියාද..? හැබැයි අත දිගඇරලා වියදම් කරලා ටියුෂන් පන්ති යන්න නම් ඇතිතරම් සල්ලි තිබ්බා නම් ඇයි විශ්ව විද්‍යාලවලට ගියාම ඒවගේ සල්ලියක් ගෙවන්න බැරි..!