(ඩයනා උදයංගනී සහ මුදිතා දයානන්ද)
අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන ඒකාබද්ධව පැවැත්වූ පාගමන විසුරුවීම සඳහා පොලීසියෙන් කඳුළුගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කෙරිණි.
මරදාන එල්ෆින්ස්ටන් රඟහල අසලින් ආරම්භ වී ටෙක්නිකල් මංසන්ධිය දෙසට ගමන් ඇරඹූ පා ගමන ටෙක්නිකල් මංසන්ධියේ දී විසුරුවා හැරීම සඳහා ඒ ආසන්නයේ පොලීසිය, කැරලි මර්දන ඒකක සහ ජල ප්‍රහාරක රථ යොදවා තිබුණත් විරෝධතාකරුවන් ගමන් මග වෙනස් කරමින් කොළඹ නගර ශාලාව දෙසට ගමන් කළ අතර, ඉන්පසු ආරක්ෂක අංශ සෞඛ්‍ය අමාත්‍යාංශය ආසන්නයේ දී කඳුළුගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කර විරෝධතාකරුවන් විසුරුවාහැරීමට ක්‍රියා කළහ.
කඳුළුගෑස් හා ජල ප්‍රහාර මධ්‍යයේ විරෝධතාකරුවන් යළිත් ටෙක්නිකල් මංසන්ධිය දෙසට ගමන් කළ අතර, පොලීසිය හා කැරලි මර්දන අංශ ද ඔවුන් පසුපස හඹා යමින් විරෝධතාව විසුරුවීමට කටයුතු කරනු දක්නට ලැබිණි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගනිමින් සිදුකරන මර්දනය නවත්වන ලෙස සහ අත්අඩංගුවට ගත් අරගලයේ ක්‍රියාකාරීන් නිදහස් කරන ලෙස ආණ්ඩුවට බල කරමින් මෙම විරෝධතාව සංවිධානය කර තිබිණි.
(ඡායාරූප හිමත් මතීෂ)
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
අන්තරේ පාගමනට කඳුළුගෑස්
randil Tuesday, 30 August 2022 04:56 PM
කන්න බොන්න නැතත් අන්තරේට ගහනකොට හිනාවෙන ඕපපාතිකයින්ට හිනාවෙන්න අවස්ථාවක් ඇවිත්...
Bamunuarachchi Tuesday, 30 August 2022 04:58 PM
කඳුළු ගෑස් මොන කෙන්ගෙඩියකටද? දාමු දෙබර කූඩු ටිකක්...!
මහපොල ජවය Tuesday, 30 August 2022 06:56 PM
නිදහස් අධ්‍යාපනය උසස්පෙළ දක්වා පමණක් දෙන්න.. ඉන්පසු විශ්ව විද්‍යාලවල ඉගෙනුමට වාර්ෂිකව අය කරන්න.! එතකොට තමන්ගේ පොකට්ටුවෙන් මුදල් ගෙවනකොට ඒකේ අගය දැනෙන්නේ..! ඒ සඳහා අඩු පොලියකට ඒ මුදල රජයෙන් ලබාදෙන්න... පේනවා නේද බදු ගෙවන්නාගේ මුදලින් මහපොළ-සමෘද්ධිය අරගෙන නටන පෙලපාළි නාඩගම්..! ඉස්කෝලවල උගන්නනවා හරි නැහැ කියලා කවුරුත් ඔය විදියට පෙළපාලි ගියාද..? හැබැයි අත දිගඇරලා වියදම් කරලා ටියුෂන් පන්ති යන්න නම් ඇතිතරම් සල්ලි තිබ්බා නම් ඇයි විශ්ව විද්‍යාලවලට ගියාම ඒවගේ සල්ලියක් ගෙවන්න බැරි..!