ස්‍වදේශ අමාත්‍යංශයට මාරු කළ  අනූෂ පැල්පිට විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්ගේ වැඩ රාජ්‍ය සේවා කොමිසම විසින් තහනම් කර ඇත. ඔහු ස්වදේශ අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස මාරු කළ පසු  සිවිල් සංවිධාන හා වෘත්තීය සමිතිවලින් එල්ල වූ විරෝධය හමුවේ සංචිතයට මාරු කැරිණි.

ඉකුත් ජනාධිපතිවරණ සමයේ රුපියල් කෝටි 600ක සිල් රෙදි බෙදීමට මහජන මුදල් වැය කළැයි ඔහුට එරෙහිව නඩුවක් පවතී.