ඉම්ටියාස් අලී විසින් නිර්මාණය කිරීමට බලාපොරොත්තුවන ඔහුගේ අලුත්ම චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට අනුෂ්කා ෂර්මා තෝරා ගෙන ඇති බවට තහවුරු වී තිබේ. අනුෂ්කා මෙසේ ප්‍රධාන නිළි චරිතයට තෝරා ගනිද්දි ඇය සමගින් මෙහි ප්‍රධාන නළු චරිතයට පණ පොවනු ලබන්නේ බොලිවුඩයේ 'කිං ඛාන්' හෙවත් ෂාරුක් ඛාන්ය. කෙසේ වෙතත්, මෙම තොරතුරු වාර්තා කරන අන්දමට මෙහි ප්‍රධාන නිළි චරිතයට අනුෂ්කාට පෙර තෝරා ගෙ තිබුණේ බොලිවුඩයේ වර්තමානයේ අංක එක ස්ථානයේ වැජඹෙන දිපීකා පදුකෝන්ය. එහෙත්, ඇයට මෙහි රූපගත කෙරෙන කාලය තුළදීවැඩ අධික වීම නිසා එම චරිතයට පසුව අනුෂ්කා ෂර්මා තෝරා ගෙන ඇත.
අනුෂ්කා ෂර්මා මීට පෙර ෂාරුක් ඛාන් සමගින් චිත්‍රපට කිහිපයකම රඟපා ඇති අතර, ඇය බොලිවුඩ් සිනමාවට පැමිණ ඇත්තේද ෂාරුක් රඟපෑ චිත්‍රපටයක් වූ 'රබ් නේ බානා ඩී ජෝඩි' චිත්‍රපටය හරහාය. එම වසරේදීම තිරගත වූ 'ඕම් ශාන්ති ඕම්' චිත්‍රපටයේ ෂාරුක්, දිපීකා පදුකෝන් සමගින් රංගනයෙන් දායක වූ අතර, එය දිපීකාගේ පළමු චිත්‍රපටයද වීම කැපී පෙනෙන සිදුවීමක් විය.




COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.