IMG-LOGO

අනුර සේනානායකත් යළි රිමාන්ඩ්

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සිද්ධියට සම්බන්ධ බවට සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින බස්නාහිර හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා ඔක්තෝබර් 5 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (21) නියෝග කළේය.

ඝාතනය සිදුවූ දින ජනපති ලේකම් කාර්යාලයේ තිබූ පරිගණක සීපීයූ (මධ්‍යම දත්ත හුවමාරු ඒකකය) යන්ත්‍රයේ මකා දැමූ බව කියන දුරකථන දත්ත් නැවත ලබාගැනීමට එහි මෘදුකාංග සම්බන්ධව කටයුතු කළ නිලධරයාට රහස් පොලිසියට පැමිණ සහාය ලබාදෙන ලෙස නියෝග කැරිණි.

රහස් පොලිසියේ මිනීමැරුම් පිළිබඳ විමර්ශන අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක රවීන්ද්‍ර විමලසිරි මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමක් එම අවසරය හිමිවිය.

 හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර තාජුඩීන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඇතැම් අස්ථි කොටස් විච්ඡේදනය කර පරීක්ෂා කර ඇති බවත් ඒවා හා තවත් අස්ථි කොටස් මල්ලක බහා වාහනයකින් අධිකරණ වෛද්‍ය කාර්යාලයේ සිට මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට (සයිටම්) රැගෙන ගොස් ඇතැයි අනාවරණය වී ඇති බවත් රහස් පොලිසියේ විමලසිරි මහතා අධිකරණය හමුවේ කියා සිටියේය.



අදහස් (0)

අනුර සේනානායකත් යළි රිමාන්ඩ්

භද්‍රානි Wednesday, 21 September 2016 02:20 PM

නියෝග දුන් අය රජ සැපට ඉන්නවා. නියෝග පිළිපැද්ද අය හිරගෙදර ඉන්නවා. හොඳ වැඩේ දේශපාලකයින්ගේ ඇම්බට්ටයින්ට ඔහොම තමයි වෙන්න ඕනා. (බ)

:       0       0

ලලින් Wednesday, 21 September 2016 07:12 PM

නම්බු පිට විශ්‍රාම ජීවිතයක් ගතකරන්න පුළුවන්කම තියෙද්දී වැඩි තණ්හාවට හෙන්චයියෙක් වෙන්න ගිහින් කරගත්තු දේ.(අ)

:       0       0

මැග්ලින් Wednesday, 21 September 2016 10:09 PM

බලවන්තයෝ කරන ඕනෑම ජරා වැඩකට උදව් කරන කාටත් මේවා හොඳ පාඩම්.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 134 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 411 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 64 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site