
(ඉන්දීය මාධ්‍ය ඇසුරිනි)
ඉන්දියාවේ පැවැත්වෙන 2025 ලෝක රූ රැජින කිරුළ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකර, එම තරගාවලියේ ප්‍රධානතම අභියෝගය ලෙස සැලෙකන 'හෙඩ් ටු හෙඩ්' වටයට සහභාගී වෙමින්, ඇය කවුරුන්දැයි ලොවට හදුන්වා දුන්නාය.
25 හැවිරිදි අනුදි, වේදිකාවේ සිට ඇය කවුරුන්දැයි හඳුන්වා දුන්නේ, ධම්ම පදයෙන් උපුටා ගැනීමක් ද කරමිනි. මෙය බොහේ දෙනාගේ අවධානය දිනා ගැනීමට සමත් විය.
සබ්බ පාපස්ස අකරණං; කුසලස්ස උපසම්පදා; සචිත්ත පරියොදපනං; එතං බුද්ධානසාසනං. මේ වදන් මා උපුටා දක්වන්නේ ධම්ම පදයෙන්. මෙහි අර්ථය සෑම ආකාරයකම නපුරෙන් (අකුසලයෙන්) මිදෙන්න; කුසල් රැස් කරන්න. මම විශ්වාස කරන්නේ මගේ ජීවිතයේ අරමුණ මෙයයි. යැයි පවසමින් අනුදි ඊයේ (21) සවස, හයිද්‍රාබාද් නුවර ලෝක රූ රැජින වේදිකාවේ සිට ඉංග්‍රීසි බසින් ලෝකය ඇමතුවාය.
'හෙඩ් ටු හෙඩ්' වටයට සුදුසුකම් ලැබූ සෙසු සුරූපිනියන් ද තමන් කවුරුන්දැයි මෙහිදී හඳුන්වා දීමක් කළ අතර, අනුදි ඇය ගැන කළ හැඳින්වීම ඒ අතරින් කැපී පෙනුනු බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
'මම මගේ මවු රටට ආදරෙයි. මගේ මවු රට තමයි ශ්‍රී ලංකාව. මට අවුරුදු 25 යි. මම අන්තර්ජාතික සබඳතා පිළිබඳ උපාධිධාරිනියක්. මට මගේ මවු භාෂාව සිංහල පුළුවන්. ඉංග්‍රීසි පුළුවන්. ඒ වගේමයි දෙමළ සහ ප්‍රංශ භාෂා ගැනත් මට යම්තාක් දුරට දැනුමක් තිබෙනවා. ශ්‍රී ලංකාව පුංචි දූපතක්. සිතියමේ හරිහැටි පෙනෙන්නේවත් නැහැ. ඒත් මගේ වැසියන්ගේ හදවත්, ඔවුන්ගේ බලාපොරොත්තු, අපේක්ෂා හරිම විශාලයි. රටක් හැටියට අපි අභියෝග රැසකට මුහුණ දුන්නා. ඒත් මගේ රට වැසියන් ඒ සියලු අභියෝග ජයගත්තා. ධෛර්මත්ව. උපේක්ෂාවෙන්. ඒ ගැන මම කතා කරන්නේ ආඩම්බරයෙන්.' යැයි අනුදි තමා හදුන්වා දෙමින් පැවැසුවාය.
අනුරාධපුරයේ උපන් තැනැත්තියක වන වන අනුදි, ලෝක උරුමයක් ද වන අනුරාධපුරය ගැන ආඩම්බරයෙන් හැඳින්වීමක් කළාය. අනුරාධපුරයේ උරුමය තමන්ට ලෝකය හමුවට රැගෙන යෑමට හැකි වීම පිළිබඳ ඇය කතා කළේ අභිමානයෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුදි වගේ නෙමෙයි අන්න බොරුවෙන් ලොවම දිනන්න මලිමාවේ මාලිව පාර්ලිමේන්තුවේ ලොකු කොමඩ් එකක ඉන්දවලා...! එයත් දාගෙන ඉන්න අං තට්ටුවත් එක්ක ළඟදීම හෙඩ් ටූ හෙඩ් ගිහින් ඇන ගන්නයි ඉන්නේ...! එයාගේ සහයට කෙබර කොට්ටච්චිත්...!
අනුදි වගේ නෙමෙයි අන්න බොරුවෙන් ලොවම දිනන්න මලිමාවේ මාලිව පාර්ලිමේන්තුවේ ලොකු කොමඩ් එකක ඉන්දවලා...! එයත් දාගෙන ඉන්න අං තට්ටුවත් එක්ක ළඟදීම හෙඩ් ටු හෙඩ් ගිහින් ඇන ගන්නයි ඉන්නේ ! එයාගේ සහායට කෙබර කොට්ටච්චිත්...!
ලංකාවේ කව්රුවත් ලෝක රූ රැජිණ සුපිරි තුන් දෙනාට ගිහින් නෑ, අපි ප්‍රාර්ථනා කරනවා රූ රැජිණ කිරුළ හිමිකරගන්න ශක්තිය වාසනාව ලැබේවා කියලා. ඉස්සර ඔය තරඟයට ගියේ ඇමතිගේ නෑයෝ පළමු වටයෙන්ම ගෙදර.
ආදරණීය දියණියනි, ඔබ බොදු ගාථාවක් ප්‍රමුඛ කොට ආයුබෝවන් කියා සරල ඉංග්‍රීසි භාෂාවෙන් කළ කතාව මාධ්‍ය මගින් අප ඇසුවෙමු. දුටුවෙමු. විශිෂ්ට වූ ඔබේ ඒ කතාව අපි බෙහෙවින් අගය කරන්නෙමු. උතුම් ස්වර්ණමාලි මහා සෑය, ජය ශ්‍රී මහා බෝධිය ප්‍රමුඛ අටමහාස්ථානයන් පිසගෙන එන සුළඟින් හුස්ම ලද ඔබට රත්නත්‍රයේ පිහිට පතන්නෙමු. ඔබේ සියලු සාර්ථකත්වයට අපි සුබ පතන්නෙමු.
අපගේ ගෞරවය හිමිවිය යුතුයි. මේ වගේ දිරිය දියණියකට. ශ්‍රී ලාංකික ජනතාව ඔබට ජය ගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන කියල එක සිතින්ම ප්‍රාර්ථනය කරනවා. තුණුරුවන් සරණයි ඔබට. ජය වේවා.
ජයවේවා කෙල්ලේ...
ඔබට සුභ පැතුම් දුවේ! රුව ගුණ වරුණෙන් හෙබි ප්‍රඥාවන්ත දැරියක්. එහෙම දරුවො අද හරි අඩුයි. ගල් බොරලු, තිරුවාණා අතරේ දියමන්තියක් වගේ.
සුබ පැතුම්!
අනුදිට රටක් ආදරය කරන්නේ , ඇය රටට ආදරය නිසයි.
අනුදි, ඔබට මගේ සුභ පැතුම්!
රටක් නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගයකට රටේ අභිමානය හා ගෞරවය රැකෙන ආකාරයට හැසිරුණ හා කතා කෙරුව අනුදි ගුණසේකර සොහොයුරියට ලෝක රෑ රැජින කිරුළ හිමිකර ගන්නට වාසනාව හා ධෛර්ය ලැබි ඇගේ ප්‍රාර්ථනාව ඉටු වේවා !
සම්බුද්ධ දේශනාව ලොව තුළ බැබළේවා... තෙරුවන් සරණින්, ජය පිරිතේ ආනුභාවයෙන් ජයක්ම වෙවා...!
අනුදි ගුණසේකර මෙනෙවිය අනුරාධපුරයේ. අපේ අනුර කුමාර ජනාධිපතිත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ. දෙදෙනාම දක්‍ෂයින්. පළමු තැනැත්තිය සිය කුසලතාවයෙන් සහ ඇත්ත ඇති හැටියට කියමින් තරගය ජයග්‍රහණය කරන්න උත්සාහ කරනවා. අනෙක් තැනැත්තා පච වපුරා, බොරු බේගල් දෙසා බා රටේ මහ පුටුව ජයග්‍රහණය කළා. බොරුවට ආයුෂ අඩුයි. දැන් ඒ වග ටික ටික පෙනෙන්නට පටන් ගෙන තිබෙනවා. ඇත්තට ආයුෂ වැඩියි. එසේ ම ඇත්ත කියා ලබා ගන්නා ජයග්‍රහණය ස්ථිරයි. අනුදි, ඔබට තරුණ ශ්‍රී ලාංකීය කාන්තා පරපුරේ සුබාශිංෂණ!
මහින්දත් බුද්ධාගම විකුණලා තමයි ලෝකේ ජයගත්තේ. මේක අපිට අරුමයක් නොවේ.
පුංචි සමානලියේ ඔයාට මේ පුංචි රට ලෝකයේ බබලවන්න පුළුවන් .ඔයාගේ නිරහංකාර බව අපිට ආඩම්බරයක් . ජය නියතයි.
සුබපැතුම් දුව...!