IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


අනුරාධපුරයට නාගරික උද්‍යානයක්

(අංජුල මහික වීරරත්න)

අනුරාධපුර නගරයේ සහ පූජා නගරයේ ඓතිහාසිකත්වය ආරක්ෂා කරමින් දරුවන් වැඩිහිටියන් ඇතුලු සියලු ජනතාවට හිතකර පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් අනුරාධපුර නගරය උද්‍යානයක් පිහිටුවීමට රජය තීරණය කර ඇත.

"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් " යන රජයේ වැඩපිළිවෙල යටතේ මෙම නාගරික උද්‍යානය ඉදි කෙරෙයි.

වෙළෙද, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපාකාර සංවර්ධන අමාත්‍ය  වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එහි ඉදිකිරීම් ඇරැඹීම සිදුවිය

රුපියල් මිලියන 100ක වියදමකින් ඉදිවන  අනුරාධපුර කුම්බිච්චන්කුලම නවීන ආදර්ශ නගර උද්‍යානය අවන්හල්, විනෝද උද්‍යාන, ළමා උද්‍යාන, ක්‍රීඩා පහසුකම් සහ තවත් නව්‍ය අංග සහිතව අංග සම්පූර්ණ මහජන උද්‍යානයක් ලෙස සංවර්ධනය කරන බව රජය පවසයි.

ඉදිකිරීම් ඇරැඹීමේ අවස්ථාවට අනුරාධපුර නගරාධිපති එන්.කරුණාරත්න මහතා ද මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීහු, පළාත් සභාවේ නියෝජිතයෝ  ඇතුලු  පිරිසක් සහභාගී වූහ.



අදහස් (0)

අනුරාධපුරයට නාගරික උද්‍යානයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 265 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2107 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1609 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site