දකුණු අන්දමන් මුහුද සහ ඊට යාබද ප්‍රදේශ ආශ්‍රිතව අද දින පහළ වියුගෝලීය කැලඹිලි ස්වභාවයක් වර්ධනය වීමට ඉඩ ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නොවැම්බර් මස 30 වැනිදා වන විට මෙහි බලපැම නිසා දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශයේ, ඊට යාබද අන්දමන් සහ නිකොබර් දූපත් ආශ්‍රිත ප්‍රදේශවල සහ ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිත අඩු පීඩන කලාපයක් වර්ධනය විමට ඉඩ කඩ පවතී.

දෙසම්බර් 2 වැනි දා පමණ වන විට ගිනිකොණදිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුුුුුහුදු ප්‍රදේශ ආශ්‍රිතව මෙය තවදුරටත වර්ධනය වී පීඩන අවපාතයක් බවට පත්වීමේ අ ස්වභාපයක් පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ එම නිවේදනයේ දැක්වේ.