IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


අනතුරට ලක්වු කඳුකර කොටියකු බේරා ගනී

(ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ)

තලවකැලේ, ආගරපතන, හෝල්බෲක් අග්‍රා වත්තේ ජලය සහිත විශාල වළකට වැටී අත් පා තුවාල ලබා ඇවිද යාමට නොහැකිව සිටි කඳුකර කොටියෙකු අද (20) බේරා ගත් බව හග්ගල වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීහු  පවසති.

වයස අවුරුදු හතරත් පහත් අතර වයසේ පසුවන හොදින් වැඩුණු පිරිමි සතෙකු මෙම අනතුරට ලක්ව සිටි බවත්,  විශාල උසකින් යුත් ගල් කොරියක ජලය සහිත වළකට වැටීම හේතුවෙන්  සතාගේ පිටුපස පෙදෙසට හානි සිදුව ඇති බව මුලික විමර්ශණවලදී අනාවරණය වූ බව රන්දෙණිගල වන සත්ත්ව කළමනාකරණ ඒකකයේ ස්ථාන භාර වනජීවී පශු වෛද්‍ය අකලංක පිනිදිය මහතා පැවසීය.

මෙම සතාගේ ශරීරයේ අභ්‍යන්තතරයට  හානි සිදුව ඇද්දැයි බැලීම සඳහා වෛද්‍ය පරීක්ෂණ කීපයකට ලක් කළ යුතුව ඇති බවත්,  එම වෛද්‍ය පරීක්ෂණ සිදු කොට කොටියාට අවශ්‍ය ප්‍රතිකාර කඩිනමින් සිදු කිරීමට පියවර ගන්නා බවද පිනිදිය මහතා කීය. 

දැඩි පරිශ්‍රමයක් දරා බේරා ගැනීමෙන් අනතුරුව ප්‍රතිකාර සිදු කිරීම සඳහා කඳුකර කොටියා රන්දෙණිගල වන සත්ත්ව පශු වෛද්‍ය ඒකකය වෙත යොමු කිරීමට හග්ගල වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ  නිලධාරීහු පියවර ගෙන තිබිණි.

 



අදහස් (0)

අනතුරට ලක්වු කඳුකර කොටියකු බේරා ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31642 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14066 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11100 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 178 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1110 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site