IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


අන්තර් මධ්‍ය බොක්සිං තරගාවලියේ විශ්ව - කේෂානී දක්‍ෂතම සම්මාන දිනති

ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ අන්තර් මධ්‍ය බොක්සිං තරගාවලියේ (2011) දක්‍ෂතම කී‍්‍රඩකයා ලෙස මහනුවර විද්‍යාර්ථ විදුහලේ විශ්ව රංගන හේරත් ද, දක්‍ෂතම ක‍්‍රීඩිකාව ලෙස මාස් සදර්න් ක‍්‍රීඩා සමාජයේ කේෂානී හංසිකා ද සම්මාන ලැබුහ. කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැති මෙම තරගාවලියේදී බර පංතිවලින් ශූරතාව සහ අනුශූරතාව දිනා ගත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ජාතික ශූරතාවලිය ඇතුළු බොක්සිං සංගමය මෙහෙයවන ප‍්‍රධානතම තරගවලට සහභාගිවීමේ අවස්ථාව හිමිවේ. කිලෝග‍්‍රෑම් 52 ෆ්ලයි බර පංතියෙන් තරග කළ ඞී. ආර්. හේරත් එහි අවසන් තරගයේදී ස්ලිම්ලයින් ක‍්‍රීඩා සමාජයේ ඒ. එස්. වික‍්‍රමගේ පරදවා ලකුණු 7-5 ක ජයක් ලැබීය. කිලෝග‍්‍රෑම් 57 ෆෙදර් බර පංතියේ (කාන්තා) අවසන් තරගයේදී ලීනියා ක‍්‍රීඩා සමාජයේ අයි. එච්. රණතුංග ලකුණු 16/7 කින් පරදවා හංසිකා විශිෂ්ට ජයක් ලබා ගත්තාය. යුද හමුදාවේ එම්. ඞී. ජයරංග දක්‍ෂතම පරාජිත ක‍්‍රීඩකයා ලෙස ද, යුද හමුදාවේම ක‍්‍රීඩිකා එච්. එස්. ප‍්‍රියදර්ශනී දක්‍ෂතම පරාජිත ක‍්‍රීඩිකාව ලෙස ද එහිදී තේරීපත් වුහ. පිරිමි හා කාන්තා අංශ දෙකින්ම පැවැති මෙම තරගාවලියට වයස 17-34 අතර වයසේ පසුවන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 165 දෙනෙක් සහභාගි වුහ.



අදහස් (0)

අන්තර් මධ්‍ය බොක්සිං තරගාවලියේ විශ්ව - කේෂානී දක්‍ෂතම සම්මාන දිනති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 234 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 387 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site