IMG-LOGO

අන්තර්ජාතික ශ්‍රේණිගත චෙස් තරගාවලිය අගෝස්තු 4 දා සිට මොරටුව සරසවියේදී

ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ සහයෝගයෙන් මොරටුව විශ්ව විද්‍යාලය 5 වැනි වරටත් සංවිධානය කරන ‘මෝරා කිංග්ස් කුසලාන’ අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීමේ චෙස් තරගාවලිය ලබන අගෝස්තු මස 4 වැනිදා සිට 8 වැනිදා දක්වා මොරටුව විශ්ව විද්‍යාලයේදී පැවැත්වේ. තරග වට නවයකින් සමන්විත තරගාවලියේ ජයග‍්‍රාහී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට පිරිනැමෙන ත්‍යාග මුදල 250,000 කි. එහිදී ශූරයාට කුසලානයක්, රන් පදක්කමක් සමග රුපියල් 50,000 ක්ද, අනුශූරයාට රිදී පදක්කමක් සමග රුපියල් 25,000 ක් සහ තෙවැනි ස්ථානය හිමි කර ගන්නා තරගකරුට ලෝකඩ පදක්කම සමග රුපියල් 15,000 ක්ද ලෙස 10 වැනි ස්ථානය දක්වා මුදල් ත්‍යාග පිරිනැමේ. පසුගිය වසර කිහිපයේදී මෙම තරගාවලියට ඉන්දියාව, නේපාලය සහ මාලදිවයින යන රටවලින් ක‍්‍රීඩක කී‍්‍රඩිකාවන් සහභාගිවුහ. එම රටවලින් කිහිප දෙනකුම මෙවරත් තරගාවලියට ඉදිරිපත්වන බවද වාර්තාවේ. තරගාවලියේ දක්‍ෂතම කී‍්‍රඩිකාවට රන් පදක්කමක් සමග රුපියල් 10,000 ක්ද, දෙවැනි දක්‍ෂතම කී‍්‍රඩිකාවට රිදී පදක්කමක් සමග රුපියල් 6,000 ක් සහ තෙවැනි දක්‍ෂතම කී‍්‍රඩිකාවට ලෝකඩ පදක්කම සමග රුපියල් 4,000 ක් ලෙස ත්‍යාග පිරිනැමේ. 15 න් පහළ, 12 න් පහළ, 10 න් පහළ සහ 8 න් පහළ (බාලක/බාලිකා) වයස් කාණ්ඩ හතරකින් හා ශ්‍රේණිගත කිරීම් අතර සිටින හා ශ්‍රේණිගත කිරීමට ඇතුළත් නොවන ක‍්‍රීඩක කී‍්‍රඩිකාවන් වෙනුවෙන් ද තරග එහිදී පැවැත්වේ. ජයග‍්‍රාහී කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට පදක්කම් සහ මුදලින් ත්‍යාග පිරිනමන බව සංවිධායකවරු පවසති. තරගාවලියට සහභාගිවන කී‍්‍රඩක ක‍්‍රීඩිකාවන්ගෙන් අයැදුම්පත් බාර ගැනීම මේ මස 31 වැනිදා අවසන් වේ. තරගාවලිය පිළිබඳ වැඩි විස්තර දුරකතන අංක 0715397829 ඔස්සේ ලක්‍ෂමන් විජේසුරිය මහතා ඇමැතීමෙන් ලබා ගත හැකිය.  



අදහස් (0)

අන්තර්ජාතික ශ්‍රේණිගත චෙස් තරගාවලිය අගෝස්තු 4 දා සිට මොරටුව සරසවියේදී

අමිල Wednesday, 25 July 2012 07:17 PM

අනේ අපි නොදන්න චෙස්. (නි)

:       0       0

රුවන් Wednesday, 25 July 2012 09:13 PM

අනේ හොඳයි. දැන් සරසවිය වහලා මාසයක් විතර වෙනවා. වෙන වැඩකුත් නැති එකේ දැන් ඉතින් ඕව තමයි කරන්න වෙන්නේ. මොරටුව සරසවියේ ලොකු පිට්ටනියකුත් තියන එකේ රගර් තරගයකුත් පැවැත්වුවොත් නරකද? තව අවශ්‍ය නම් බොල්ගොඩ ගඟේ බෝට්ටු රේස් එකක් තියලා, රැ වුණාම කාර් රේස් එකකුත් තියමු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 119 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 54 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 207 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site