
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම සහ පින්න දුව අතර කිලෝමීටර් 92 ප්‍රදේශයේදී මෝටර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 5 කු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි අධිවේගී රථවාහන පොලිසිය කියයි.
මාතර සිට කොළඹ දෙසට ගමන් කරමින් තිබූ මෝටර් රථයේ රියදුරුට නින්ද යාමත් සමගම මැද ආරක්ෂිත යකඩ වැටේ මෝටර් රථය ගැටී එම දිසාවටම පිටුපසින් පැමිණි මෝටර් රථය හා ගැටී මෙම අනතුර වී ඇති බව පොලිසිය සඳහන් කරයි.
එම අනතුරක් සමගම මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇති අතර කොළඹ දෙසට ගමන් ගන්නා වාහන මාර්ගය මගහැර එයින් පිටතින් ධාවනය කර නැවත මාර්ගයට ප්‍රවිෂ්ට කර වාහන ධාවනය කරන්නටවු බව පොලිසිය කියයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.