
(මනෝප්රිය ගුණසේකර සහ උපාලි රණවීර)
අධිකරණ නියෝග ක්රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්රාත් බන්ධුල ගුණරත්න මහතා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීම සඳහා ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කළේය.
අධිකරණය විසින් දෙනු ලැබූ නියෝග ඉටු නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණය හෑල්ලුවට ලක් කොට ඇති බවත් පොලිස්පතිවරයා උසාවිය ඇන්දීමට උත්සහ කරන බවක් පෙනී යන්නේ යැයි සඳහන් කරමින් ගම්පහ මහේස්ත්රාත් බන්ධුල ගුණරත්න මහතා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීම සඳහා ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කළේය.
මත්ද්රව්ය ළඟ තබා ගත් බවට ගම්පහ දූෂණ මර්දන අංශයේ පොලිස් නිලධාරීන් විසින් පුද්ගලයකුට එරෙහිව බොරුවට පැවරූ අංක 1743 සහ 1744 දරණ නඩු ගොනු දෙකද අභියාචනාධිකරණයට යැවීමට මහේස්ත්රාත් බන්ධුල ගුණරත්න මහතා අධිකරණය රෙජිස්ට්රාර්වරියට නියම කළේය.
ගම්පහ දෙවොලපොල මාකන්දන පදිංචි චාමර චතුරංග මාරසිංහ නමැත්තාට එරෙහිව මත්ද්රව්ය ළඟ තබා ගත් බවට චෝදනා කරමින් ගම්පහ දූෂණ මර්දන කොට්ඨාසය විසින් නඩු පවරා ඇත්තේ නිස්සාරණ අන්දමින් බවට මීට පෙර අවස්ථාවක තීරණය කළ මහේස්ත්රාත්වරයා ඔහුට රුපියල් ලක්ෂ දෙකක වන්දියක් ගෙවීමට ගම්පහ දූෂණ මර්ධන අංශයේ පොලිස් නිලධාරීන් තිදෙනකුට සහ පොලිස් දෙපාර්තමේන්තුවට ගම්පහ මහේස්ත්රාත් බන්ධුල ගුණරත්න මහතා මීට පෙර අවස්ථාවක නියම කර තිබූ අතර එසේ නොවන්නේ නම් අහිංසක රටවැසියන්ට එරෙහිව නිස්සාරණ නඩු පැවරීමක් නොකරන ලෙසට සමස්ත පොලිස් නිලධාරීන්ටම දැනුම් දෙමින් සියලුම පොලිස් නිලධාරීන් ආවරණය වන අන්දමට චක්ර ලේඛණයක් නිකුත් කරන ලෙස මහේස්ත්රාත්වරයා පොලිස්පතිවරයාට නියම කර තිබිණි.
2026 මැයි 06 වැනිදා හෝ ඊට ආසන්න දිනයක අස්ගිරිය හන්දියේදී අයිස් මිලිග්රෑම් 130 ක් සහ හෙරොයින් මිලිග්රෑම් 500ක් ළඟ තබා ගත් බවට ගම්පහ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තෙන්නකෝන් මහතා විසින් චාමර චතුරංග මාරසිංහ නමැත්තාට එරෙහිව නඩුවක් පවරා තිබූ අතර එහි සාක්කිකරුවන් වශයෙන් ගම්පහ දූෂණ මර්ධන කොට්ඨාශයේ පොලිස් සැරයන් 12614 සෙනවිරත්න සහ කොස්තාපල් 24728 දිල්ෂාන් නමැත්තන් නම්කොට තිබුණි.
2026 මැයි 06 වැනිදා හෝ ඊට ආසන්න දිනයක ගම්පහදී අයිස් මිලිග්රෑම් 130 ළඟ තබා ගත් බවට ගම්පහ දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තෙන්නකෝන් මහතා විසින්ම චාමර චතුරංග මාරසිංහ නමැත්තාට එරෙහිව තවත් නඩුවක් පවරා තිබූ අතර එහි සාක්කිකරුවන් වශයෙන් ගම්පහ දූෂණ මර්ධන කොට්ඨාශයේ පොලිස් පරීක්ෂක බණ්ඩාරනායක සහ කොස්තාපල් 24728 දිල්ෂාන් නමැත්තන් නම්කොට තිබුණි.
විත්තිකාර චාමර චතුරංග නමැත්තාට එරෙහිව මත්ද්රව්ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් එක් නඩුවක් කැඳවනු ලැබූ අවස්ථාවේදී ඔහු අදාල චෝදනාවන්ට වරද පිළිගැනීම නිසා ඔහුට දඩයක් නියම කෙරුණු අතර තවත් සුළු මොහොතකින් ඔහුට එරෙහිව මත්ද්රව්ය ළඟ තබාගැනීම සම්බන්ධයෙන් තවත් නඩුවක් කැඳවිණි.
දෙවන නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී එකම පුද්ගලයෙකුට එරෙහිව එකම දින නඩු දෙකක් පවරා ඇති බව නිරීක්ෂණය කළ මහේස්ත්රාත් බන්ධුල ගුණරත්න මහතා රටවැසියන්ට පීඩාකාරී වන අන්දමින් නඩු පැවරීම සම්බන්ධයෙන් එම නඩුවල සාක්කිකරුවන්ට සහ ඉහළ නිලධාරීන්ට එරෙහිව අපරාධ නඩු විධාන සංග්රහයේ 17 (1) යටතේ කටයුතු නොකළ යුත්තේ මන්දැයි විමසීම සඳහා අදාළ නිලධාරීන් අධිකරණයට කැඳවුවත් ඔවුන් කිසිවෙකුත් අධිකරණය හමුවේ පෙනී නොසිටියහ. නඩුව කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි පොලිස් සැරයෙන් 30533 ගයාන් මහතා කරුණු දක්වමින් මෙම වැටලීම කළ දින මෙම විත්තිකරු සමග තවත් පුද්ගලයින් 16 දෙනෙකු අත් අඩංගුවට ගත් හෙයින් මෙම විත්තිකරුට එරෙහිව චෝදනා වැරදි ලෙස ගොනුකර ඇති හෙයින් චාමර චතුරංග මාරසිංහ නමැත්තාට එරෙහිව 1743 සහ 1744 යටතේ පවරා ඇති නඩු දෙකෙන් 1743 දරණ නඩුව ඉල්ලා අස්කර ගන්නා බවද 1744 දරණ නඩුව පවත්වාගෙන යෑමට අවසර දෙන ලෙසද ඉල්ලා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd