IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


‘‘අධිවේගයේ ‘මහ අනතුරක්‘ : 55ක් මාතර රෝහලට‘‘

අද (10) මාතර නගරයේ මහා කලබලයකි. සයිරන් නළා හඩවමින් ගිලන් රිය රෝහලට විදුලි වේගයෙන් ඇදී ආහ. මාතර මහ නගර සභා ගිනි නිවන රිය, අධිවේගි මාර්ග පිවිසුමේ බසයක ගින්නක් නීවිමට ගියේද සයිරන් හඩවමිණි.

තුවාල කරුවෝ 55 දෙනෙක් රෝහලට ගෙන එනු ලැබූහ.

රෝහල් අධ්‍යක්ෂ දොස්තර පමල් සුදුසිංහ ඇතුළු රෝහලේ 174 දෙනෙක් වහ වහා තුවාල කරුවන් වාට්ටු වලට යැවූහ.

හදිසි අනතුරකදී තුවාල කරුවන් වහා රෝහල් ගත කිරීමේ අවශ්‍යතාවය දැක්වෙන මේ පෙරහුරුව සැබෑ ලෙසම ක්‍රියාත්මක විය. ‘අනතුර‘ සිදුවුයේ   දක්ෂිණ අධිවේගි මාර්ගයේ මාතර නිල්වලා පිවිසුම අසළදීය.

මාතර ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ මේජර් සමන් බාලසූරිය, ආපදා කළමණාකරන වෛද්‍ය නිලධාරි දොස්තර කේ.ඒ.රවින්ද්‍ර මහත්වරු  යුද හමුදාව , පොලිසිය හා මාර්ග සංවර්ධන අධිකාරිය හා එක්ව මේ වැඩසටහන ක්‍රියාත්මක කළහ.

ප්‍රදේශවාසීන් බොහෝ දෙනා සිතුවේ එය ඇත්තම අනතුරක් බවයි.

එය පුහුණුවක් පමණක් බව දැන ගත්තේ සිද්ධිය අවසානයේදීය.

 

SAM_3050 SAM_3052 SAM_3053 SAM_3055 SAM_3056 SAM_3057 SAM_3060 SAM_3064 SAM_3066 SAM_3067

SAM_3104 SAM_3106 SAM_3111 SAM_3115 SAM_3119 SAM_3122 SAM_3128 SAM_3131 SAM_3139 SAM_3142

SAM_3146 SAM_3147 SAM_3150

SAM_3087 SAM_3089 SAM_3090 SAM_3091 SAM_3092 SAM_3094 SAM_3095 SAM_3096 SAM_3097 SAM_3102

ඡායාරූප-ක්‍රිෂාන් ජීවක ජයරුක්

 

 

 

 

 

 

 



අදහස් (0)

‘‘අධිවේගයේ ‘මහ අනතුරක්‘ : 55ක් මාතර රෝහලට‘‘

ටොම් Friday, 12 December 2014 06:49 AM

මේක නම් නියමයි (නි)

:       0       0

ෆාතිමා Wednesday, 10 December 2014 10:55 AM

මම ඕකනේ ඔය පාරේ යන්නේ නැත්තේ (දී)

:       0       0

ධම්ම Wednesday, 10 December 2014 10:56 AM

පුහුණුවේ පළමුවන අදියර විය යුත්තේ සියලුම දෙනාගේ ජංගම දුරකථන පසෙකින් තැබීමයි. මොකද ඕනෑම අනතුරකදී අපේ අය කරන්නේ සියල්ල පසෙක ලා ෆොටෝ ගැනීම නිසා. (ර)

:       0       0

ලංකා තිලක් Wednesday, 10 December 2014 10:37 PM

පෙරහුරුව වගේම ටයර් පුච්චමින් පරිසරය විනාශ කරනවා.ඔක්කොටම කලින් මේ පෙරහුරුවේදී කළයුත්තේ ගිනිගන්න ටයර් නිවා දැමීමෙන් වායුගෝලයට එක්වෙන විෂ වායු අවම කිරීම නේද? (නි)

:       0       0

පියුමි Wednesday, 10 December 2014 01:49 PM

චතුර-ෆොන්සේකා මහතා හමුදාවේ හිටියට හමුදාපති වෙන කෙනෙක්. එ්කවත් දන්නේ නැහැ (නදී)

:       0       0

දිසානායක Wednesday, 10 December 2014 01:59 PM

ඇත්තටම හොද වැඩක්.(හේ)

:       0       0

ජගත් Thursday, 11 December 2014 06:46 AM

අනේ තිලක් ඔබතුමාට පෙන්නේ මේවගේ වැදගත් වැඩකදී පුච්චන ටයර් එකද ? පාරේ දුවන දුම් කොච්චි වගේ පුද්ගලික බස් ඇයි ඒවට විනය ක්‍රියා මාර්ග ගන්න බැරිද (දිල්)

:       0       0

දම්මික Wednesday, 10 December 2014 11:29 AM

තවම මිනිස්සුන්ට මේවා හුරු නැහැ (දී)

:       0       0

සුජීව Wednesday, 10 December 2014 11:30 AM

මට යුද්ධේ කාලේ මතක් වුනා. මගේ ඡන්දෙ මහින්ද මහතාට. අපි සංවේදී මිනිස්සු. (ර)

:       0       0

නයන සිරිවර්ධන Wednesday, 10 December 2014 02:07 PM

මම අද ඔය වෙලාවේ නගරයට අාවා පොලේ යන්න. එතකොට තමි සිද්දිය දැනගත්තේ්. පසුවයි දන්නේ පෙරහුරුවක් කියලා. හරිම සතුටුයි ගොඩක් මහන්සි වෙලා කරපු හොද වැඩක්. අපි මේ වගේ පෙර පුහුණු වලින් ලබාගන්න පුංචි අත්දැකීමක් උනත් මිනිස් ජිවිත බේර ගන්න ලොකු උදව්වක් වෙනවා හැමෝටම තමන්ගේ රජකාරී හොදින් කරන්න සුබ පතනවා. මාතර අපිට ආඩම්බරයි (නදී)

:       0       0

සමන්ජය Thursday, 11 December 2014 10:29 PM

මටත් මේ වෙලාවේ "කොටියා ආවෝ ආවෝ " කියන පැරණි කතාවම මතක් වුනේ.(හේ)

:       0       0

සමරසේකර Wednesday, 10 December 2014 11:39 AM

පෙරහුරුව නම් ඉතා යහපත්. (ර)

:       0       0

සේන Wednesday, 10 December 2014 11:49 AM

සුජීවගේ මොලේ කුරුවල් වෙලා. කොහෙද යන්නේ මල්ලේ පොල්. (ස)

:       0       0

සුනෙත් Wednesday, 10 December 2014 11:50 AM

ඔන්න යුද්දේ කලේ අමතක අයට බලගන පුළුවන්.. (ස)

:       0       0

සරත් Wednesday, 10 December 2014 12:01 PM

සීට් බෙල්ට් නැති. පට්ට පරණ බස් කවුද අධි වේගේ යවන්නේ.? (ර)

:       0       0

බුද්දී Wednesday, 10 December 2014 12:13 PM

යුද්ධේ විතරම නම් මතක් වෙන්නේ නිවැරදි සැලසුමට යුද්ධ කල ෆොන්සේකා රටේ නායකයා. රටක සංවර්ධනය තීරණය කරන අනෙක් ප්‍රධාන සාධක ආර්ථිකය හා යහ පාලනයයි. නීතිය හා සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය රැකීමට ඡන්දය දෙන්නේ කාටද ? (නදී)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 10 December 2014 12:15 PM

අනේ ඇත්තට! මමත් හොඳටම බයවුණා (නි)

:       0       0

මයුර Wednesday, 10 December 2014 12:17 PM

අපි සංවේදී වුණාට දේශපාලකයෝ සංවේදී නැහැ පුතා. (නි)

:       0       0

දසුනි Thursday, 11 December 2014 07:03 AM

අධික වේගය නිසා මේවා වෙන්නේ (දී)

:       0       0

දුල්මින Wednesday, 10 December 2014 12:30 PM

මමත් ඇත්තටම හිතුවේ ලොකුම ලොකු අනතුරක් වෙලා ඇති කියලා (නි)

:       0       0

ඉසුරු Wednesday, 10 December 2014 12:30 PM

මමත් මේක ඇත්තම එකක් කියලා බයවුණා (නි)

:       0       0

රොහාන් Wednesday, 10 December 2014 12:33 PM

සුජීව ගැන හරිම දුකකි මොලේ නැතිවෙලා වගේ අනේ කවුරු හරි හම්බ වුනොත් ගෙනත් දෙන්න (දී)

:       0       0

අයේෂා උදානි රාමනික්‍රම Wednesday, 10 December 2014 12:37 PM

හොඳ පුහුණුවක් (නදී)

:       0       0

මහින්ද Wednesday, 10 December 2014 12:42 PM

කොඳු ඇට පෙළට හානියක් වෙලා කියල සැකකරන රෝගියෙක් කවදාවත් ඉඳගෙන යවන්න හොඳ නැහැ. රෝගියාගේ ජීවිතය බේරුනත් එයින් පසු මුළු ජීවිත කාලයම විඳවන්න වෙනවා සුසුම්නා ආබාධිත තත්වයට පත්වෙලා. පෙරහුරුවක් වුණත් හරියට කරන තරමට හොදයි අදාළ පුද්ගලයින් හරියට දැනුවත් කරලා. මොකද මේ මිනිස් ජීවිත... (නි)

:       0       0

හරිස්චන්ද්‍ර Thursday, 11 December 2014 02:48 AM

ලංකා තිලක්,ඔබ හරියටම හරි. (නි)

:       0       0

සමන්ජය Wednesday, 10 December 2014 12:44 PM

සරත්, මේක පෙරහුරුවක් කියල දාල තියෙන්නේ එ්ක තමා. මෙතන සිදුවන්නේ අනතුරක් සිදුවීමේදී, මහජනතාවගේ ක්‍රියාකාරිත්වය මධ්‍යයේ , වෙද, හෙද ඇතුළු අදාල සියලු කාර්ය මණ්ඩලවලට ක්‍රියා කිරීමට අවශ්‍ය පුහුණුවක් ලබාදීම සහ එවැනි අවස්ථාවක අවශ්‍යකරන උපකරණ වල ක්‍රියාකාරිත්වය සහ මෙහෙයුම් පරික්ෂා කිරීම. (නදී)

:       0       0

නිර්මලා Wednesday, 10 December 2014 03:51 PM

මේ කරන්නේ ඡන්ද ව්‍යාපාරයකි. මෙය පෙරහුරුවක් නොව. මිනිසුන් නැවත හයිවේ ගැන කුල්මත් කරවන සැලසුමකි මේ. මෙවැනි අවස්ථා කිහිපයක් අපට ඡන්දයට පෙර මුණ ගැසේවි.(හේ)

:       0       0

සුජීව Wednesday, 10 December 2014 04:00 PM

අපරාදේ රටේ වැඩ කරන අයගේ වේලාව.(හේ)

:       0       0

දීපාල් Thursday, 11 December 2014 07:29 AM

මෙහෙමකරාම අනතුරක් වුනාමත් හිතවී පුහුනුවක් කියලා පුහුණුවක් කරන්නේ සියලු ආයතන දැනුවත් කරලා ඒ නිසා එය සාර්ථක වෙනවා .අනතුරක් වුනාම තොරතුරු ගෙනයන්නේ ජනතාව .මේ වගේ දේවල් නිතර දුටුවාහම හිතාවි අනතුරත් පුහුනුවක් කියලා . ඕකට කියන්නේ කොටියා කැවෝ.. කොටියා කැවෝ .(හේ).

:       0       0

ප්‍රදීප් Wednesday, 10 December 2014 01:00 PM

මොකද මේ හදිසියේම පෙරහුරු තියන්නේ හැමතැනම? (නි)

:       0       0

චානක මධුසංඛ Wednesday, 10 December 2014 01:01 PM

කවුරු කොහොම කිවුවත් මේක වටිනවා. මොකද සුනාමි එනකොට අපේ කවුරුත් දැනගෙන හිටියේ නැහැ මොකක්ද කරන්න ඕනෑ කියලා. ලංකාවෙ කලින් දවසක එහෙම පෙරහුරුවක් තිබිලා තිබුණා නම් එදා සුනාමියෙන් ඒ වගේ ජීවිත ප්‍රමාණයක් නැති වෙන්නෙ නැහැ. අද ලංකාවෙ මිනිස්සු බාගෙට බාගයක්වත් දන්නෙ නැහැ භූමිකම්පාවකදි ටොනේඩෝ එකකදි මොකක්ද ගන්න ඕනෑ පියවර කියලා (නි)

:       0       0

ටී ජී ලියනගේ Thursday, 11 December 2014 03:29 AM

ජිවිත හානියක් නැත්තම් එච්චරයි.අධික වේගයයි මේ හැම අනතුරකටම මුල.(හේ)

:       0       0

අනුර Wednesday, 10 December 2014 05:12 PM

සමහරුන් මෝඩ කතා ලියල තියෙනවා. කකුලෙන් ඇදීමේ ජන්ම පුරුද්දට සේරම දේවල් පෙනෙන්නේ අපරාදයක් දේසපාලනයක් නිසරු දෙයක් විදියට. (ස)

:       0       0

අනුර Wednesday, 10 December 2014 05:14 PM

සුජීව නමින් ලියන කෙනා කුහක අදහස් ඇත්තෙක්. බුදු සරණ යි. (ස)

:       0       0

දිනුරි Thursday, 11 December 2014 03:48 AM

නීතියක් ඇති රටක් සුදු වෑන් නැති රටක් (බ)

:       0       0

චතුර Wednesday, 10 December 2014 01:08 PM

බුද්ධි, චන්ද්‍රිකා ගේ ආණ්ඩුව කාලෙත් සරත් ෆොන්සේකා මහත්තය හමුදාවේ හිටියා හැබැයි යුද්දේ ඉවර කරන්න බැරි උනා නේද? (නදී)

:       0       0

මාලි Wednesday, 10 December 2014 01:13 PM

මේ අස්සේ මේ අයට පිස්සු ද මන්දා (නදී)

:       0       0

සරත් පියසේන Thursday, 11 December 2014 05:33 AM

ඉඳහිට හෝ අවදි කරන එක හොඳ දෙයක් .(හේ)

:       0       0

ජයා Wednesday, 10 December 2014 01:21 PM

නියම ක්‍රමේ ඡන්දය පරදින බව දැන ගෙන ජනතාවගේ හිත මොහොතකට හරි වෙන අතකට යොමු කරන්න. හැබැයි මම කියන්නේ නැහැ කාගේද චුටි මොලේ කියලා. (නදී)

:       0       0

චන්ද්‍ර Wednesday, 10 December 2014 09:05 PM

හදිසි අනතුරු විපත් ගැන ජනතාව දැනුවත් මෙන්ම පුහුණු කිරීම ඉතාමත්ම හොදය, මතකනේ සුනාමිය, ....කවුරු කළත් හොද දේ හොදමය ,... නමුත් අද කාලයේ ගොඩක්ම වෙන්නේ විශාල වශයෙන් ධනය නාස්තිකරන විකාරය,(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site