රොමේෂ් මධුෂංඛ
යාපනය මණියන්තොට්ටම් ප්‍රදේශයේ සඟවා තිබූ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 4ක් සොයා ගැනීමට යාපනය පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් විසින් සමත්වී තිබේ.
යාපනය ගුරුනගර් මාර්ගයේ මණියන්තොට්ටම් මංසන්ධියේ දී පිහිටි බස්නැවතුම්පලක් ආසන්නයේ සඟවා තිබූ අදාළ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.
යාපනය යුද හමුදා බුද්ධි අංශයට හා පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව යාපනය පොලිස් විශේෂ කාර්ය බළකා සෙබලුන් පිරිසක් විසින් අදාළ ප්‍රදේශය සෝදිසි පරික්ෂාවකට ලක් කිරීමේදී අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 4 ක් සහ විදුලිමය නොවන ඩෙටනේටර් 10 ක් පොහොර උරයක දමා සඟවා තිබියදී සොයාගෙන ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.