(ඩයනා උදයංගනී)

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (8) සවස් කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, නැගෙනහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේද වැසි ස්වල්පයක් ඇති වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර 40 ක පමණ වේගව්ත් සුළං ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියාකරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.