(දිල්ෂානි චතුරිකා දාබරේ)
පාසැල්වල අහඹු ලෙස ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇති බව අධ්‍යාන අමාත්‍ය මහාචාර්ය ජී. එල්.පීරිස් මහතා පැවසීය.
පාසල් සිසුන් අතර සිටින ආසාදිත සිසුන් හඳුනාගැනීම සඳහා මෙම පියවර ගන්නා බවද ඒ මහතා සඳහන් කළේය.
ඒ අනුව, සෑම දිනකම පාසල් දෙකකින් හෝ තුනකින් සිසුන් 30දෙනෙකු පමණ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයට ලක්කරනු ඇත. එම පරීක්ෂණවල ප්‍රතිඵල අනුව, පාසල් විවෘත කිරීම පිළිබඳව තීරණ ගන්නා බවද, පාසල් සිසුන් අතර කොරෝනා ව්‍යාප්තවීමේ මට්ටම සහ ස්වභාවය හඳුනාගැනීමටද හැකි බවද අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.
එහිදී මෙම පරීක්ෂණ කොරෝනා වයිරසය ඉලක්ක කරගෙන ම පමණක් නොව, සිසුන්ගේ මුළු ශරීරය ම පරීක්ෂාවට ලක්කරන බවද ඒ මහතා පැවසීය.
ඒ අනුව, අධ්‍යාපන අමාත්‍යංශයේ එම තීරණය ක්‍රියාත්මක කරමින් අද දිනයේදී කොළඹ පාසල් තුනක සිසුන්ට අහඹු ලෙස ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සිදු කළ බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල් පෙරේරා මහතා සඳහන් කළේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අද සිට පාසල් සිසුන්ට ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ
මුණසිංහ Tuesday, 02 February 2021 01:36 AM
ඉතා හොඳ තීරණයක්. කොවිඩ් සඳහා විතරක් නොවෙයි - තෝරාගත් සිසුන් පූර්ණ පරීක්ෂණයකට ලක් කරන්න. වෙනත් අසනීපද හඳුනාගන්න.
සංජීව Tuesday, 02 February 2021 03:46 AM
දරුවන්ගේ භාරකරුවන්ගේ කැමැත්ත මත හෝ අධිකරණ නියෝගයක් නොමැතිව රුධිර සාම්පල ලබාගත හැකිද?